ප්‍රේමය දූෂණයකින් කෙළවර කළ තරුණයා කොළඹට පැනලා

5937

අවුරුදු 14 මාස 11 වයසැති පාසල් ශිෂ්‍යාවක් වරින්වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පාසල් ශිෂ්‍යාවක් වන මෙම දැරිය ඇයගේ පාසල් මිතුරියකගේ සහෝදරයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර 2022 ඔක්තෝබර් 22 වෙනි දින ඇය මිතුරියගේ නිවසට ගිය අවස්ථාවේදී පෙම්වතා විසින් මිතුරිය දියනෑමට ගිය අවස්ථාවේදී ඇය දුෂණයකර ඇත.

ඊට පසුවද 2023 වසරේ අවස්ථා කිහිපයකදීද ඇයව දූෂණයකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු මේ වනවිට කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි. දැරිය බිබිල සෙවණ ළමා නිවාසයට යොමුකර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment