අණ නොතැකූ ත්‍රිරෝදයට වලස්මුල්ලේදී පොලිස් වෙඩි

471

පොලිස් අණ නොතකා නොනවත්වාම පලාගිය ත්‍රිරෝද රියකට වලස්මුල්ල පොලිසිය මගින් සිදුකළ වෙඩි තැබීමකදී එම රථය අසල පිහිටි මුස්ලිම් පල්ලියේ භූමියක දමා සැකකරුවන් පලාගොස් ඇත.

පොලිසිය එම ත්‍රිරෝද රථය පරීක්‍ෂා කර බලද්දී එහි වසු පැටියෙකු සිටි බව වලස්මුල්ල පොලිසිය කියයි.

මෙම සැකකරුවන් අල්ලා ගැනීම සඳහා පොලිසිය වැටලීමක් ක්‍රියාත්මක කර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment