බඹරු රන්දුණු බිලිගනී

312

බුලත්සිංහල ජයන්තිපුර මහගම හත් හැවිරිදි දරුවකු බඹර ප‍්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ අකල් මරණයකට ගොදුරු වූයේ මහතන්තිලගේ දොන් රහල් රන්දුණු නමැති දරුවාය.

මහගම කනිිෂ්ඨ විද්‍යාලයේ 01 වසරේ සිසුවකු වන රන්දුණු දරුවා සිය නිවසේ ඉදිරිපිට වූ පොල් අත්තක් දැක එය ඉවත්කිරීමට යෑම නිසා බඹරුන් ඇවිස්සී දරුවාට අනින්නට පටන්ගෙන තිබේ.

බඹරු  රන්දුණු  බිලිගනී

ඉන්පසු දරුවා බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හොරණ රජයේ රෝහලට මාරුකර යවා තිබේ. එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වී තිබේ. හොරණ නාගරික හදිසි මරණ පරීක්‍ෂක සුමේධ ගුණසේකර මහතා විසින් මරණ පරීක්‍ෂණය පවත්වා ඇත. මරණ පරීක්‍ෂණයේදී සාක්ෂි දෙමින් දරුවාගේ පියා වන මහතන්තිලගේ ප‍්‍රියන්ත කුමාර (44) මෙසේ කීය. සිද්ධිය වූ දවසේ මමත් මගේ භාර්යාවත් ගෙදර සිටියේ නැහැ. දරුවා සමග නිවසේ සිටියේ මගෙ අම්මා සහ තාත්තායි. දෙමාපියන් දෙන්න ඉඩමේ තේ දලූ කඩද්දී දරුවා මෙම පොල්අත්ත ඇදලා තියෙනවා. එවිට බඹරුන් කුපිත වෙලා දරුවාගේ ශරීරය වසාගෙන ඔළුවට අනිමින් සිටියදී දරුවා බේරා ගැනීමට ගිය තාත්තටත් බඹරුන් ඇනලා. දරුවාගේ අම්මා රටේරාලලාග් ශ‍්‍රියාවතී (43) : අපිට සිටියේ දුවයි, පුතයි විතරයි. දුව පාසල් ගිහින් නතර වෙලා සිටියේ. පුතාව ඉස්කෝලෙට භාරදීල අවුරුද්දක් වුණත් කොරෝනා නිසා මාස කිහිපයයි පාසල් ගියේ.

සාක්ෂිවලින් අනතුරුව ඇන්ටිජන් පරීක්‍ෂණයටද රන්දුණුගේ දේහය යොමුකර ඇති අතර කොරෝනා රෝගය දරුවාට නොමැති බව ද බඹර ප‍්‍රහාරයෙන් ලේ ගමනාගමනය අවහිර වී මරණය සිදුව ඇති බවට මරණ පරීක්‍ෂකවරයා තීරණය කළේය.

මහගම – කුමාර, පාලින්දනුවර නන්දන ශ‍්‍රී කෝට්ටෙගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment