ඔස්ටේ්‍රලියාවේ ගුවනේදී හෙලිකොප්ටර් දෙකක් ගැටී 4ක් මරුට : 9කට තුවාල

349

ඔස්ටේ්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් කලාපයේ ගුවනේදී ඊයේ (02දා) සවස හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ බරපතළ අනතුරකින් පුද්ගලයන් සිවු දෙනකු මියගොස් තවත් 09 දෙනකු තුවාල ලබා තිබේ. මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හා ළමුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නගරයේ දකුණු දෙසින් පිහිටි සංචාරක කලාපයක් වන ‘මේන් බීච්’ ප්‍රදේශයට යාබදව ගුවනේදී එරට වේලාවෙන් ඊයේ සවස 2.00ට පමණ සිදුව ඇති මෙම අනතුර සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ප්‍රවාහන ආරක්ෂක අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එකිනෙක ගැටුණු හෙලිකොප්ටර් යානා දෙකෙන් එකක් ගුවනට පැමිණ ඇති අතර අනෙක් යානය ගොඩබෑමට සූදානමින් සිටි බව හෙළි වී ඇතැයි පරීක්ෂණ සිදු කරන කණ්ඩායම් පවසා තිබේ. කෙසේ වුවද අනතුරට මුල් වූ නිශ්චිත හේතුව අනාවරණය වී නොතිබිණි.

අනතුරෙන් මියගිය සිවුදෙනා සහ බරපතළ තුවාල ලැබූ තිදෙනා එකම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් අය බව අනාවරණය වී තිබේ. එකිනෙක ගැටුණු හෙලිකොප්ටර් යානා දෙකටම බරපතළ හානි සිදු වී ඇති අතර යානාවල කොටස් වැලි තලාවේ විසිරී ගොස් ඇති බවත් අනතුරට පත් පිරිසට ප්‍රතිකාර කිරීම සඳහා අතුරු වෛද්‍ය කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟාවීම අසීරු වී ඇති බවත් වාර්තා වී තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment