පකිස්තානයේ අගමැති පුටුව ශෙබාස් ෂෙරීෆ්ට

2677

ඉකුත් බ්‍රහස්පතින්දා (08දා) පැවති පකිස්ථාන මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනුව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහය දක්වන ස්වාධීන අපේක්ෂකයන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ඇතත් අඩු ආසන සංඛ්‍යාවක් දිනා ගත් පක්ෂ දෙකක් එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමට තීරණයක් ගෙන තිබේ.

මේ අනුව මහ මැතිවරණ ප්‍රතිඵලයට අනුව පාර්ලිමේන්තුවේ දෙවැනි හා තෙවැනි වැඩිම ආසන සංඛ්‍යාව දීනාගෙන සිටින තවත් හිටපු පකිස්ථාන අගමැතිවරයකු වන නවාස් ෂෙරිෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන් මුස්ලිම් ලීග් පක්ෂය හා බිලවාල් භූතෝ සර්දාරිගේ පකිස්ථාන ජනතා පක්ෂය අලුතින් ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවයක් ඇති කරගෙන තිබේ. පකිස්ථාන් මුස්ලිම් ලීග් පක්ෂයේ නායක ශෙබාස් ෂෙරිෆ් හට නව ආණ්ඩුවේ අගමැති ධුරයට පත් වීමට සහය දීමට ද පකිස්ථාන් ජනතා පක්ෂය එකඟ වී තිබේ.

2022 වසරේදී ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ සන්ධාන රජයේ කොටස්කරුවන් වශයෙන් ඉහත කී පක්ෂ දෙක කටයුතු කර තිබිණි. මේ අතර මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කර ඇති බවත් එයට එරෙහිව කටයුතු කරන බවත් දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment