චීනයේ පාසලක වහල කඩා වැටී 11ක් මරුට

170

නිරිතදිග චීනයේ පාසල් ව්‍යායාම් ශාලාවක වහලය පෙරේද (23දා) සවස කඩා වැටීම හේතුවෙන් එතුළ සිටි කුඩා ළමුන් ඇතුළු 11 දෙනකු මියගොස් තවත් 08දෙනකු සුන්බුන් අතරින් ගොඩගෙන රෝහල්ගත කර තිබේ. නිරිතදිග චීනයේ ‘ක්වීකිහාර්’ නගරයේ පිහිටි පාසලක ව්‍යායාම් ශාලාවේ වහලය මෙසේ කඩා වැටී ඇති අතර පාසලේ බාලිකා වොලිබෝල් කණ්ඩායම ව්‍යායාම් ශාලාවේ ව්‍යායාම් කරමින් සිටියදී ඔවුන් මතට මෙසේ වහලය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ශාලාවේ 19 දෙනකු සිට ඇති බව වාර්තා වී තිබේ. මෙම අනතුර පිළිබඳව හා ඉන් මියගිය හා තුවාල ලැබූවන් පිරිස පිළිබඳව බලධාරීන් විසින් නිසි තොරතුරක් නොසැපයීම හේතුවෙන් අනතුරෙන් දිවි ගලවාගත් ළමුන් ගැන විමසමින් ඊයේ (24දා) උදෑසන ඔවුන්ගේ දෙමවුපියන් ළමුන් රෝහල්ගත කළ රෝහල වෙත එක් රොක් වී ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් සිදු කර ඇති මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ ව්‍යායාම් ශාලාවේ වහලය මත වැසි ජලය උරා ගැනීම සඳහා නීති විරෝධී ලෙස ගොඩ ගසා ගෙන තිබූ ‘පර්ලයි’ නමැති වීදුරු තහඩු තොගයක් හේතුවෙන් වහලය කඩා වැටී ඇති බවයි. වහලය කඩා වැටීමෙන් සුන්බුන්වලට යටවී සිටි ළමුන් ගලවාගෙන රෝහල වෙත යවන අවස්ථාවේ ඔවුන්ගේ මුහුණු මඩ හා රුධිරයෙන් නැහැවී තිබූ බව චීන සමාජ මාධ්‍ය ජාල විසින් වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment