සිපෙට්කෝ ඉන්ධනහල් මුදලේ හිරවෙයි – ඉන්ධනහල් හිමියන්ගේ සංගමය කියයි

122

සිපෙට්කෝ ඉන්ධනහල් වලට ඉන්ධන ලැබීමට පෙර මුදල් ගෙවීමට සිදුවීම නිසා සිපෙට්කෝ ඉන්ධනහල් වැසීයෑමේ අවදානමකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (21 දා) පැවසීය.

 අද (22 දා) දින සවස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සමග සාච්ඡාවක් සිදුකරන බවත් එහිදී තම ගැටලු ඉදිරිපත් කරන බවත් ඒ මහතා කීය.

 කිව් ආර් ක්‍රමය හඳුන්වාදීමට පෙර ඉන්ධන හලට ඉන්ධන ලැබීමත් සමග ඉන්ධන හලෙන් චෙක්පතක් නිකුත් කළ බවත් එම චෙක්පත තෙල් සංස්ථාව මගින් බැංකුගත කර මුදල් ලබාගත් බවත් ඒ මහතා කීය. මේ වනවිට ඉන්ධන ලැබීමට පෙර මුදල් ලබාදීම සිදුකළ යුතු බවත් ඇතැම් ඉන්ධනහල් වලට මුදල් ගෙවීමෙන් පසුව වුවත් දින දෙක තුන ඉන්ධන නොලැබී තිබූ අවස්ථා සංගමයට වාර්තා කර තිබෙන බවත් ඔහු කීය.

 ඉන්ධන නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් චෙක්පත්, කාඩ්පත්වලට ඉන්ධන නිකුත් කිරීම් වැනි දේ හේතුවෙන් ඉන්ධන හලට මුදල් ලැබීමට දින කිහිපයක් ගතවන බවත් ඒ බව ඇමැතිවරයාට අද පෙන්වා දෙන බවත් ෂෙල්ටන් මහතා වැඩිදුරටත් පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment