ගයාන් මගේ මැනේජර් වගේ – පූජනී භාග්‍යා

233

අපි දෙන්නා අතරේ එහෙම තරහක් නෑ…

මේ දිනවල පුංචි තිරය තුළ නමක් දිනූ නව පරපුරේ සිටින මනා උසකින් යුත්, දක්ෂ, සුන්දර, නිහතමානී රංගන ශිල්පිනියක් තමයි පූජනී භාග්‍යා කියන්නේ. ගයාන්-පූජනී ආදර කතාව ගැන වගේම, පූජනීගේ ජීවිතේ අලුත් මංපෙත් පිළිබඳව කතා කරන්නට මෙවර මීවිත අපි පූජනීට කතා කළා.

● පූජනී මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ?

මේ දවස්වල නම් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා. පසුගිය දවස්වල විකාශය වූ “මැස්සා” ටෙලිනාට්‍යය අවසන් වුණා. ඒත් එක්කම “රෝස” ටෙලි නාට්‍යයේත් season 01 අවසන් වුණා. මේ දවස් ටිකේ ෂේප් එකේ මගේ අලුත් බිස්නස් එකේ වැඩ ටිකකුයි, එතකොට අපි දෙන්නා එකතුවෙලා කරන marketing campaign, වගේ දේවල් කරගෙන ඉන්නවා. ආයෙමත් “රෝස” ටෙලි නාට්‍යයේ ෂූටිං පටන් ගන්න තියෙන්නෙ සැප්තැම්බර් මාසේ වගේ. ඒ අතර මම දැනට කිසිම නිර්මාණයකට දායක වුණේ නැහැ.

ගයාන් මගේ මැනේජර් වගේ - පූජනී භාග්‍යා

● අලුත් බිස්නස් එකත් මොකක්ද කියමුද?

මම පටන් ගන්න ලෑස්තිවුණේ clothing brand එකක් කරන්න. ලොකුවට නෙවෙයි පොඩියට. මොකද මම ඒ කාලේ ඉඳලා ආසාවෙන් හිටියා clothing brand එකක් කරන්න. දැන් ගොඩක් අයත් මේක කරනවා, ඒත් මම බලලා තීරණය කරා කට්ටිය කරාට මොකද මම ආසාවෙන් හිටිය දේ නිසා ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න ඕන කියලා.

● පූජනී උස කියන්නෙ ගෑනු ළමයෙක්ට ආභරණයක්නෙ. හැබැයි මේ උස නිසාම ජීවිතේට අහිමිවුණ දේවලුත් තියනවා ද?

අම්මෝ ඔව්. මම 5.8 ක් උසයි. ඉස්කෝලේ යන කාලේ ගත්තොත් ඒ කාලෙත් ඉතින් ගෑනු ළමයින්ගේ පස්සෙන් පිරිමි ළමයි එන එක සාමාන්‍ය දෙයක්නේ. එහෙම මගෙන් යාළුවෙන්න ඇහුවෙම කොට පිරිමි ළමයි. මම ඒ දවස්වල හරි දඟයි, කටකාරයි. ඒ අහද්දිම මම මුලින්ම කියන්නෙ, ඉස්සෙල්ලා උස යන්න ඊට පස්සේ මගෙන් ඇවිත් අහන්න කියලා. ඊට පස්සේ මේ රංගන ක්ෂේත්‍රයට ආවට පස්සෙ ෆිල්ම්වල නම් ඒ ප්‍රශ්නෙ බලපාන්නේ නැහැ, මොකද ෆිල්ම්වලට තෝරගන්නෙ ගොඩක් උස අයව. හැබැයි මම තාම පුංචි තිරයේ ඉන්න නිසා රඟපාන්න ගියාම ගොඩක් චරිත මට මඟ ඇරුණ අවස්ථා තියෙනවා රංගන ශිල්පියා කොට නිසා. ඒ වගේම ඇඳුම් ගන්න ගියාමත් ටිකක් අපහසුතාවට පත් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි.

ගයාන් මගේ මැනේජර් වගේ - පූජනී භාග්‍යා
ගයාන් මගේ මැනේජර් වගේ - පූජනී භාග්‍යා

● අනේ, මේ වගේ චරිතයක් මටත් කරන්න තිබුණ නම් කියලා හිතුණ, පූජනී ආස කරන චරිතයක් තියෙනවද?

ඔව්. ඒ කාලේ මම කැමැත්තෙන් හිටියා ගුවන් සේවිකාවක් හරි ගුවන් හමුදා නිලධාරිනියක් හරි වෙන්න. ඉතින් මම ආව පැත්තත් එක්ක ඒ දේවල් වෙනස් වුණා. හැබැයි මම කැමැත්තෙන් හිටියා ගුවන් සේවිකාවක් විදිහට ඒ සාරිය ඇඳලා ඒ විදියේ චරිතයක් ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක් ඇතුලේ කරන්න තිබුණ නම් කියලා. හැබැයි ගුවන් නියමුවරියක් විදියේ චරිතයක් නම් ටෙලි නාට්‍යයක කළා. ඒක තාම විකාශනය වුණේ නැහැ. ඒ නිල ඇඳුම්වලට මම කැමතියි සහ මගේ උසට, පෙනුමට ගැළපෙනවා ඒ චරිත. ඉතින් මම හිතෙනවා ඒ වගේ චරිත ඇතුලේ මට වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා.

● පූජනීගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කළොත්?

මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක්ම තියෙනවා. එකක් තමයි 2018 හිරුTV අවුරුදු කුමරිය වීම. මම ඊට කලිනුත් මේ ක්ෂේත්‍රයේ හිටියට ගොඩක් අය මාව නිර්මාණයකට ගන්න, මුලින්ම හැමෝම අඳුරගත්තේ සහ හේතුවක් වුණේ, අවුරුදු කුමරිය වීම. ඊට පස්සේ හැරවුම් ලක්ෂ්‍යය මගේ පෞද්ගලික ජීවිතයේ මම ගත්ත තීරණය.

● ජීවිතේට ගයාන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එයාගෙන් ලැබෙන සහයෝගය නම් ගොඩක් ලොකුයි. කියන්න බැරිතරම් සහයෝගයක් ලැබෙනවා. මොකද මේ ක්ෂේත්‍රය ඇතුළෙ ගොඩක් අය කියනවානේ එක එක ප්‍රශ්න තියෙනවා, කරදර වෙනවා කියලා. ඇත්තට මට එහෙම මුකුත් කරදරයක් නැහැ. මම හැමතිස්සෙම දකින්නේ, අපි ඉන්න විදියත් එක්ක තමයි මිනිස්සු අපිට කරදර කරන්නේ සහ අපි හැසිරෙන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ කියලා. ඒ වගේම ගයානුත් මේ ක්ෂේත්‍රයේම ඉන්න එකෙන් මට තවත් ලොකු ආරක්ෂාවක් තියෙනවා. මගේ අනෙක් පෞද්ගලික ජිවිතයෙත් එන ඕනෑම ප්‍රශ්නයකදී වගේම ඕනෑම දෙයක් ගයාන්ට තමයි මුලින්ම කියන්නේ. ගයාන් මගේ මැනේජර් වගේ තමයි ඉතින්.

● ජීවිතයේ වැදගත්ම, සුන්දරම අවස්ථාව වන විවාහ උත්සවය කවදද තියෙන්නෙ?

අපි හිතාගෙන හිටියේ ඇත්තටම මේ අවුරුද්දේ විවාහ වෙන්න කියලා. ඒත් එක්කම තාත්තගේ ෆියුනරල් එක වුණ නිසා ඇත්තටම අපිට මානසිකත්වයක් තිබුණේ නෑ ඒ දේවල් ගැන හිතන්න. ගයාන් ලොකු කාලයක් මානසිකව වැටිලා හිටියා. අපි දෙන්න මේ දවස්වල හිතුවා ලබන අවුරුද්දේ අග භාගයේ, අගෝස්තු – දෙසැම්බර් අතර මැද කාලයේ වෙඩින් එක ගන්නවා කියලා.

● විවාහයෙන් පසුව විදේශගත වෙන්න ද බලාපොරොත්තු වෙන්නේ?

පහුගිය ටිකේ නම් එහෙම තමයි හිතාගෙන හිටියේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක. ඊට පස්සේ අපි කල්පනා කළා තාම අපිට වැඩ තියෙනවා, අපිට ආදරේ කරන රසික රසිකාවියන් පිරිසක් ඉන්න නිසා ඒ අය වෙනුවෙන් ලංකාවේ ඉන්න ඕනේ කියලා. පුළුවන් කාලයක් ඒ දේවල් කරලා, මේක දැන් ඇති වගේ කියලා හිතුණ කාලයක් ආවොත් අපි plan B එකත් තියාගෙන වැඩ කරමු කියලා තමයි තීරණය කරලා තියෙන්නේ.

● පූජනීගේ හඬින් ගීතයක් එළි දැක්වෙන්නෙ කවද ද?

ගයානුත් මට කිව්වා අපි සින්දුවක් කියමු කියලා. අපි හිතාගෙන ඉන්නේ මුලින්ම cover එකක් වගේ කරලා ඊට පස්සේ original song එකක් කරන්න. මම එහෙම අර ලොකුවට සින්දු කියන්න පුළුවන් කෙනකුත් නෙවෙයි. හැබැයි ෂේප් එකේ සින්දු කියන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අපේ song එකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි කියලා.

● ගයාන් – පූජනී ආදර කතාව ගැන කතා කළොත්?

අපි දෙන්නගේ ආදර කතාවට දැන් අවුරුදු හතරක් විතර වෙනවා. මුල් කාලයේ කවුරුත් ඒක දැනන් හිටියේ නැහැ. 2019 තමයි මට මුලින්ම ගයාන් අයියව මුණගැහෙන්නේ. එදා ඉඳලා අද වෙනකන්ම හැම අදහසක්ම බෙදා හදාගෙන, වැරදි තිබුණොත් පෙන්නල දීලා ඒවා හදාගෙන, සතුටින් අපේ ජීවිතේ ලස්සනට ගෙවාගෙන යනවා. සම්බන්ධතාවය ඇතුළෙ මම හරි පරිස්සම් වෙනවා ඒක රැකගන්න. පිරිමි ළමයි ටිකක් දඟයි. ඉතින් ගෑනු ළමයි තමයි ගෙදරක වුණත් වගකීමක් ගන්නේ. පිටස්තර කිසිම කෙනෙකුට අපේ ජීවිතවලට ඇතුල් වෙන්න දෙන්නෙ නැතුව හරිම ලස්සනට, බුද්ධිමත්ව මම ඒක බැලන්ස් කරගෙන යනවා.

● කාවින්ද්‍යා අධිකාරි සම්බන්ධ කරලා ඔයාලා දෙන්නට සමාජ මාධ්‍යවල විවිධ කටකතා පැතිරුණා නේ. ඒවට මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම මට හිතාගන්න බැරි විදියට එළියෙ ඉන්න අය තමයි කතා හදලා කාවින්ද්‍යා අක්කවයි මාවයි තරහ කරලා තියෙන්නේ. නමුත් අපි දෙන්නා අතරෙ එහෙම කිසිම තරහක් නැහැ. අපි හරිම ළඟින් ආශ්‍රය කරනවා. මේ ක්ෂේත්‍රයෙත් මට ගැළපෙන කිහිප දෙනෙක් ඇරෙන්න මම හැමෝම ආශ්‍රය කරන්නේ නැහැ. කාවින්ද්‍යා අක්කගෙයි මගෙයි අතරේ ලොකු යාළුකමක් තියෙනවා. ඒ ගැන ගයාන් අයියට ගාණකුත් නැහැ. එහෙම මිනිස්සු බොරු කතා හදනවා සමහර වෙලාවට. ඒවා දැක්කම හිනහත් යනවා. අපි ඒ ගාණට හැදෙන්න නම් ගොඩක් අප්ඩේට් වෙන්න ඕනෑ. අපේ රටේ සංස්කෘතියෙන් පිට ෆිල්ම්ස් සහ ටී.වී. සීරීස් බලන්න ඕනේ. ඇත්තටම එතකොට තමයි අපේ මනස හැදෙන්නේ මේවා සාමාන්‍යයි කියලා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment