ලිපිය ගැන මුකුත් නොකරන බව කථානායක කිව්වා – නීතිපති උසාවියට කියයි

120

ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවන්ගේ වෘත්තිය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා කථානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බවට කාථානායකවරයා ඇතුළු වගඋත්රකරුවන් දැනුම්දී ඇතැයි නීතිපතිවරයා ඊයේ (8 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

කථානායකවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කොට ඇති එම ලිපිය අනුව කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් නීතිඥවරයකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment