ධනුෂ්කට නීති ආධාර දෙනවා : වරද ඔප්පු වනතුරු ඔහු නිර්දෝෂියි

428

උසාවි තීන්දුව අනුව ඊළඟ පියවර බලමු – විදේශ කටයුතු ඇමැති අලි සබ්රි

ඔස්‌ට්‍රේලියාවේදී නෛතික ගැටලුවකට මැදිවී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වරදකරුවකු බවට මෙතෙක් ඔප්පු වී නොමැති නිසා ඔහු නිර්දෝෂීයි කියන පදනමේ සිට අවශ්‍ය නීති සහාය ලබාදෙන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේය.

දැනටමත් ඔහුට අවශ්‍ය නීතිඥ සහාය ලබාදී ඇතැයි කී ඇමැතිවරයා ධනුෂ්ක ගුණතිලක ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් වන බැවින් ඔහු සම්බන්ධයෙන් සොයා බැලීම රජයේ වගකීමක් බව ද කියා සිටියේය.

ඔහු නීති විරෝධී ක්‍රියාවක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමක් බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

යම් අයුරකින් ඔහු වරදකරු වී දඬුවම් පැමිණවීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී තීරණයක් ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment