සියලු සත්ත්ව ගොවිපොළවල් ලියාපදිංචියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තීරණයක්

57

සියලු කිරි ගොවිපොළවල් ලබන වසරේ ජනවාරි මාසයේදී ලියාපදිංචි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙරට සත්ත්ව ගොවිපොළ 2,90,592ක් පැවතියත්, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ඉන් ගොවිපළ 58,137ක් පමණක් බවද අමාත්‍යාංශය සදහන් කරයි.

අදාළ ලියාපදිංචි සිදු නොකිරීමෙන් රජය මගින් ගොවීන්ට ලබාදෙන සහන සේවාවන් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වී ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ලියාපදිංචි වී ඇති ගොවිපළ වැඩි ප්‍රමාණයකින් දිනකට කිරි ලීටර් සියයකට අඩු ප්‍රමාණයක් පමණක් ලැබෙන බවද සඳහන් වේ. 2024 ජනවාරි මාසය සත්ත්ව ගොවිපළ ලියාපදිංචි කිරීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සුජීව තත්සර සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment