අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට රැකියාවලට යෑමට අවසර නෑ

176

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යෑමට අවසර ලබා නොදෙන බවත්, එවැනි කාන්තාවන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය

ලබාගැනීමටද අවස්ථාව හිමි නොවන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත් 2022.06.27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

රැකියා සඳහා විදෙස්ගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදි තම බාල වයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වූ රැකවරණ වැඩපිළිවෙළ සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවරු කිරීම අනිවාර්ය වේ. තවද රැකියාවක් සඳහා විදේශගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී තමන්ට දරුවන් සිටින/නොසිටින බව හෝ වයස අවුරුදු දෙකට වැඩි, අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින මව්වරුන් එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අධ්‍යාපනය සැලසීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශය තමා පදිංචි වසමෙහි ග්‍රාම නිලධාරි ලවා සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතුය. එසේ සම්පූර්ණ කරන ලද ලිපිලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) වෙතිත් තහවරු කරගත යුතු අතර එම නිලධාරියා විසින් සිදුකරන ලබන විදේශගතවීම සඳහා නිර්දේශ කිරීම හෝ නිර්දේශ නොකිරීම පිළිබඳ තොරතුරු දුරකථන කෙටි පණිවුඩයක් මඟින් (ීඵී) කාර්යාංශය වෙත තහවුරු කළ යුතු වේ.

එසේ වුවද, අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති චක්‍රලේඛය අනුව කාර්යාංශයේ ලියාපදිංචිව රැකියාවක් සදහා විදේශ ගතවී සිට නැවත (ඍැ-ැබඑරහ) වීසා සකස් කරගෙන මෙරටට පැමිණෙන කාන්තාවන් හා කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගතවී සිට පැමිණ මාස 6ක කාලසීමාව තුළදී යළි විදේශගතවන කාන්තාවන් මෙම වාර්තාව ලබාදීමෙන් නිදහස් කර ඇත.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment