පුංචි ඡන්දයට නීතිපති උපදෙස් ගන්නවා – මැ. කො. සභාපති

145

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් සීමා නිර්ණය කමිටුවක් පත්කිරීම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඊයේ (06දා) පැවැසීය.

මෙම කමිටුව පත්කිරීම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නීතිමය ගැටලුවක් මතුවන බවට පෙනී යෑම නිසා නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවද ඒ මහතා කීය.

21 වැනි සංශෝධනය සම්මත වීම නිසා දැනට මැතිවරණ කොමිසමේ භාරකාරත්වය යටතේ වැඩ ආරවණය කරන බව පැවසූ ඒ මහතා 21 වැනි සංශෝධනයට අනුව මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පත්කර ඉන්පසු කොමිෂන් සඳහා නිලධාරීන් පත්කළ යුතු බවද පැවැසීය. එහිදී මැතිවරණ කොමිසමට නව සාමාජිකයන් පත් කරනවාද සිටින නිලධාරීන්ම පත් කරනවාද යන්න ව්‍යවස්ථාදායක සභාව තීරණය කළයුතු බවද ඒ මහතා කීය.

2012 පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සීමා නිර්ණ කමිටු පත් කිරීම, 2017 පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම වැනි දේ 2022 සිදු නොවනු ඇතැයි කොමිසම අපේක්‍ෂා කරන බවද පුංචිහේවා මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment