කදිරා අත්අඩංගුවට ගන්න ගිය පොලිසියේ දෙදෙනෙක් රෝහලේ…. සැකකරු සමග පොර බදිද්දී කදිරාගේ මව පොල්ලකින් ගහලා

409

ඇහැලියගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ විලේගොඩ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන ‘කදිරා’ අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට සැකකරුගේ මව විසින් එල්ල කරන ලද පොලූ පහර කිහිපයක් හේතුවෙන් තුවාල ලබා ඇත.

 මත්ද්‍රව්‍ය වැටලීමට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය වී තිබේ. ඇහැලියගොඩ අවට මත් කුඩු ජාවාරමේ යෙදෙන බව කියන ‘කදිරා’ නමැති අය එම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන සිටිය දී පලා යෑම සඳහා පොර බැදූ බවත් එක් කොස්තාපල්වරයකු සැකකරු අල්ලා බදා ගෙන සිටිය දී සැකකරුගේ මව පොල්ලක් රැගෙන විත් සැකකරු අල්ලා ගෙන සිටි කොස්තාපල්වරයාගේ හිසට පහර දී ඇති බවත් වාර්තාවේ. එම පහර දීම නිසා සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යද්දී වෙනත් කොස්තාපල්වරයකු විසින් ඔහු අල්ලා ගෙන ඇත. සැකකරුගේ මව එම නිලධාරියාගේ හිසට ද පොල්ලෙන් පහර දී තිබේ. කණ්ඩායමේ අනිත් නිලධාරීන් විසින් සැකකරු හෙරොයින් මි.ග‍්‍රෑම් හාර දහස් එකසියයක් (4100* සමග අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කර ඇත.

 තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා ඇහැලියගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එක් නිලධාරියකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රත්නපුර පළාත් බද මහ රෝහල වෙත යොමු කර තිබේ. අනිත් කොස්තාපල්වරයා ඇහැලියගොඩ මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. මේ අතර පොලිස් නිලධාරීන්ට පහර දුන් සැකකරුගේ මව ද රත්නපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 ඇහැලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ උ.පො.ප. සුරේශ් මහතා ප‍්‍රධාන කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත. පො.කො. (89896* විජේකෝන් රත්නපුර මහ රෝහලේද පො.කො. (96209* මතිලාල් ඇහැලියගොඩ මූලික රෝහලේ ද ප‍්‍රතිකාර ලබන පොලිසිය පවසයි.

ඇහැලියගොඩ – උපාලි පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment