බැසිල්ගේ ඉන්දීය සංචාරයට පෙර ලංවිම සහ අදානි සමාගම අතර සුළං බලාගාර ගිවිසුමක්

270

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට පෙර ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ප‍්‍රමුඛතම ගිවිසුමක් අත්සන් කර ඇත. එය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකි.

 මන්නාරමේදී මෙගා වොට් 500 ක සුළං බලාගාරයක් ඉදිකිරීම පිණිස මෙම ගිවිසුම අත්සන් කර තිබේ. මේ සඳහා වූ ශක්‍යතා වාර්තාව මාස තුනක් තුළ සාදා නිම කිරීමට අදානි සමූහ ව්‍යාපාරය කටයුතු කරනු ඇත. මෙය අත්සන් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිනිය පැමිණ සිටියහ. මෙම ගිවිසුම සඳහා ශ‍්‍රී ලංකා රජය ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේ නැත.

 මීට අමතරව ත‍්‍රිකුණාමලය සහ මන්නාරම් ප‍්‍රදේශවල ඉන්දියානු මෙහෙයුම් වඩාත් පහසුවෙන් සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම පිණිස ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් අත්සන් කිරීම ඉක්මන් කිරීමට ද පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment