ඇමෙරිකාව යුකේ‍්‍රනයේ ආරක්ෂාවට අමතර හමුදා භටයන් යවයි

312

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කරනු ඇතැයි බියෙන් යුරෝපා රටවලට අමතර හමුදා භට කණ්ඩායම් යැවීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පියවර ගැනීම සම්බන්ධයෙන් රුසියාවෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

රුසියානු රජය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇමෙරිකාවේ මෙම පියවර හේතුවෙන් යුක්රේන අර්බුදය තවත් වර්ධනය වනු ඇති අතර ඒ සඳහා දේශපාලන විසඳුමක් සෙවීමට ඇති ඉඩකඩ අඩු වනු ඇති බවයි. රුසියාව යුක්රේනය ආක‍්‍රමණය කරනු ඇතැයි බියෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අතිරේක හමුදා භටයන් 2000ක් උතුරු කැරොලිනා ප‍්‍රාන්තය හරහා පෝලන්තය හා ජර්මනිය වෙත යැවීමටත් දැනට ජර්මනියේ සිටින ඇමෙරිකානු හමුදා භටයන් 1000 ක් පමණ දෙනා රුමේනියාව වෙත යැවීමටත් පියවර ගෙන තිබේ. මෙම අතිරේක හමුදා භටයන් විසින් දැනටමත් යුරෝපයේ ස්ථානගතව සිටින නේටෝ මිත‍්‍ර හමුදාවන්ට හදිසි අවස්ථාවකදී සහය වනු ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වන පෙන්ටගනය විසින් නිවේදනය කර තිබේ.

රුසියාව විසින් යාබද යුක්රේනයේ පිහිටි දකුණු ක‍්‍රිමියා අර්ධද්වීපයේ පාලන බලය අල්ලා ගැනීම හා යුක්රේනයේ නැගෙනහිර ඩොන්බාස්ට් කලාපයේ සටන් වැද සිටින සටන්කාමීන්ට සහය දැක්වීම හේතුන් මත යුක්රේනය රුසියාව විසින් ආක‍්‍රමණය කරනු ඇති බවට බටහිර රටවල මතයක් ගොඩනැ`ගී

තිබේ. මේ වන විට යුක්රේනය ආසන්නයේ රුසියානු හමුදා භටයන් ලක්ෂයක් පමණ දෙනා ස්ථානගතව සිටින අතර යුක්රේනය ආක‍්‍රමණය කිරීමට සැළසුම් කරන බවට එල්ල වන චෝදනා රුසියාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment