රුසියානු හමුදාවන්ගෙන් යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ නගර 40කට ෂෙල් ප්‍රහාර

284

යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදාවන් විසින් නැගෙනහිර යුක්රේනයේ පිහිටි ඩොන්බාස් කලාපයේ නගර 40කට අධික සංඛ්‍යාවකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව යුක්රේන හමුදා අංශ ඊයේ (26දා) නිවේදනය කළේය. යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මාස තුනක පමණ කාලයක් තිස්සේ සටන් වැදුණද එරට අගනුවර වන කිව් නගරය හෝ දෙවැනි විශාලතම නගරය වන කර්කිව් නගරය යටත්කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් රුසියානු හමුදා ඩොන්බාස් කලාපය අත්පත් කරගැනීමේ අරමුණින් මෙම ප්‍රහාරයන් එල්ල කර ඇති බව යුක්රේන හමුදාවෝ පවසති.

 මෙම රුසියානු ෂෙල් ප්‍රහාරයන් හේතුවෙන් ඩොන්බාස් කලාපයේ වෙසෙන සිවිල් වැසියන් සැළකිය යුතු පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය ‘පවසයි’ කෙසේ වුවද මෙම ප්‍රහාරයන්ගෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment