ආයුධ හංගපු තැන මන්නා රමේෂ් හෙළි කරලා

267

අත්බෝම්බයක්, ටී. 56 උණ්ඩ 10ක්, යතුරු පැදියක් අවිස්සාවේල්ලේ ගේ අස්සේ

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙරට අපරාධ සිදු කිරීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවි ඇතුළු අවි ආයුධ රැසක් පිළිබඳ තොරතුරු ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

මෙම ආයුධ අතර තිබූ අත්බෝම්බයක්, ටී 56 උණ්ඩ 10ක් සහ මිනිස් ඝාතන සඳහා පාවිච්චි කළ ටේ්‍රල් වර්ගයේ යතුරුපැදියක් අවිස්සාවේල්ලේ ඔහුට අයත් නිවසේ සඟවා තිබියදී නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ඊට අමතර මිනිස් ඝාතන සඳහා මොහු විසින් යොදා ගනු ලැබූ ටී 56 අවියක්, මිලිමීටර් 3.8 පිස්තෝලයක් සහ තවත් ස්වයංක්‍රීය පිස්තෝලයක් සඟවා ඇති ස්ථාන පිළිබඳව මන්නා රමේෂ් තොරතුරු හෙළි කර ඇති අතර ඒවා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර මන්නා රමේෂ් සිදු කර ඇති මිනිස් ඝාතන රැසක් පිළිබඳව ද දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

මන්නා රමේෂ් දින 3ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මඟින් අවසර ලබාදී ඇත.

මන්නා රමේෂ්ගේ බිරිඳ සාජා නුවර රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කර ඇති අතර මොවුන් ඩුබායි රාජ්‍යයේ නවාතැන් ගෙන සිට ඇත.

මන්නා රමේෂ් ඩුබායි සිට මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය. රත්නපුරයේ සහ අවිස්සාවේල්ලේ ධනවත් මැණික් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබාගත් මන්නා රමේෂ් අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය.

නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment