පාලමක ගැටී යතුරු පැදිකරුවෙක් මරුට

136


කිලිනොච්චිය පරන්තන් මුලතිව් මාර්ගයේ වැලිකන්දල් පාලමේ යතුරු පැදිය ගැටී සිදුවු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ
ඊයේ රාති‍්‍රයේදි මෙම අනතුර සිදුව ඇත. ධර්මපුරම් ප‍්‍රදේශයේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වු යතුරුපැදිය අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාලමේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ
ඒ අනුව යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. මිය ගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය කට්ටකාඩු ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන පද්මනාදන් රවීන්ද්‍රන් නැමති අයෙකු බවට පොලීසිය හදුනාගෙන ඇත. අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි

advertistmentadvertistment
advertistmentadvertistment