ඥාති දියණිය බිහිකළ දරුවාගේ ලේ පරීක්‍ෂාවට පෙර සැකකාර බාප්පා ගෙල වැලලාගෙන මරු දකී

334

තම බිරිඳගේ වැඩිමහල් සොහොයුරියගේ 12 හැවිරිදි දියණියට අතවර කිරීමේ සිද්ධියක් අධිකරණයේ විභාගවෙමින් තිබියදී එම දැරිය ප්‍රසූත කළ දරුවාගේ රුධිරය සහ සැකකරුගේ රුධිරය පරීක්‍ෂා කිරීම සඳහා පොලිසිය මගින් ඔහු අධිකරණයට යොමු කිරීමෙන් පසු සැකකරු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි හොරොව්පතාන පොලිසිය කියයි.

මෙසේ මියගියේ හොරොව්පතාන ඕලුගස්කඩවල සමන්සිරි නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය පවසන ආකාරයට මෙම දැරියට මෙසේ අතවර කළ පුද්ගලයා කලින් විවාහය අත්හැර දෙවැනි විවාහයක් කරගෙන ඇත.

මේ අනුව මොහු දෙවැනි විවාහයේ බිරිඳගේ සොහොයුරියගේ 12 හැවිරිදි දියණියට මෙසේ අතවර කර තිබේ. ඇය දරුවෙකු ප්‍රසූත කර තිබේ.

මේ පිළිබඳව නඩුවක් විභාග වෙමින් තිබියදී අධිකරණ නියෝගය අනුව ඩී.එන්.ඒ. පරීක්‍ෂණවලට මෙම දරුවාගේ රුධිර සාම්පලයන් සහ සැකකරුගේ රුධිර සාම්පලයන් ලබාගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීම පිණිස අධිකරණ වෛi නිලධාරිවරයා වෙත යොමු කිරීමට ක්‍රියාකරද්දී සැකකරු මෙසේ දිවි හානිකරගෙන තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment