සුපිරි නිවාස සංකීර්ණයේ සාදයක් පැවැත්වූ සැකකරුවන්ට ඇප… උසස් රැකියාවල නියුතු ඔවුන් නිරෝධායන නීති කඩා නෑ… නීතිඥ – කනගාටුයි; නීති උල්ලංඝනය කරලා… පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න

405

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලූපිටිය මොනෑක් සුපිරි නිවාස සංකීර්ණයේ උඩුමහලක පිහිටි පිහිනුම් තටාකයක් අසල පි‍්‍රය සාදයක් පැවැත්වූ පවුල් තුනකට අයත් කාන්තාවන් පස්දෙනකු ඇතුළු සැකකරුවන් 9 දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (10 දා* නියෝග කළේය.
 
 සිය සේවාදායකයින් එම සාදය පවත්වා ඇති ස්ථානය පොදු ස්ථානයක් නොව එකී නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පමණක් භාවිතා කරන ස්ථානයක් වන බවත් සමාජයේ වගකිවයුතු රැුකියාවල නියුතු ඔවුන් නිරෝධායන නීති කිසිවක් උල්ලංඝනය කර නොමැති බවත් පෙන්වා දුන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 විත්තිය පවසන පරිදි සැකකරුවන් වගකිවයුතු රැුකියාවල නිරත වගකීමක් ඇති පුද්ගලයන් නම් ඔවුන් කළ යුත්තේ රටේ පවත්නා නීති උල්ලංඝනය කිරීම නොව සැමටම පොදු විය යුතු නීතිය ආරක්ෂා කිරීම බවත් එවැනි පුද්ගලයන් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඉතාමත් කනගාටු වන බවත් කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 සිය නිලධාරීන් එකී වැටලීම සිදුකිරීමට යන විට සැකකරුවන් මුව ආවරණ හෝ නොමැතිව එකී සාදයට සහභාගි වී සිටි බවත් ඔවුන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කොට ඇති කරුණු 48කින් යුත් මාර්ගෝපදේශ මාලාවේ තවත් වගන්ති තුනක් උල්ලංඝනය කර ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් පොලිස් ස්ථානාධිපතිවරයා ඒ බව සනාථ කළ හැකි වීඩියෝ සාක්ෂි පොලිසිය සතුව ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය. එකී සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීමට තරම් පොලිසිය කෲර නොවන බව ද එහිදී පෙන්වාදුන් පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කළ පසු පවුල් තුනකට අයත් එකී සැකකරුවන් 9 දෙනා ඔවුන් පදිංචි නිවාස තුළම නිරෝධායනයට ලක්කරන ලෙස ප‍්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා උපදෙස් ලබාදී ඇතැයි ද පෙන්වා දුන්නේය. එකී සැකකරුවන් 9 දෙනා ඇප මත මුදාහැරීමෙන් අනතුරුව පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා රැුගෙන යෑම සිදුකෙරිණි.
 
 එම නඩුව ලබන ඔක්තෝබර් 7 වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එහිදී දින නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment