ආදිවාසී නායකයාට කොවිඞ් මර්දන එන්නත

179

 වැදිනායක ඌරුවරිගේ වන්නිලෑඇත්තන් ඇතුළු ආදිවාසී පිරිසක් ඊයේ (30දා) මහනුවර ශ‍්‍රී දළදා මාළිගා පරිශ‍්‍රයේදී කොවිඞ් ප‍්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්හ.
 
 ඔවුන් මෙසේ ලබාගත්තේ සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාවය. දළදා මාලිගයේ බහුකාර්ය ගොඩනැඟිල්ලේදී මෙම එන්නත්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක වූ අතර එහිදී දළදා පෙරහැර රාජකාරිය සඳහා දායක වන කලාකරුවන් සහ සෙසු පිරිස වෙත ද එන්නත් ලබාදීම සිදු කෙරිණි. මෙම වැඩපිළිවෙළ දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අංශවල දායකත්වයෙන් සිදුකර තිබිණි.
 
 සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment