අරගල බිමේ ක්‍රියාකාරිකයකු වූ බුද්ධික මියයයි

1242

විශාදයට ගත් බෙහෙත් වැඩිපුර ගැනීම නිසාදැයි සැකයක් – පොලිසිය

හිටපු මාධ්‍යවේදියකු මෙන්ම අරගලයේ මුල්පෙළේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න මහතා මුල්ලේරියාව, හිඹුටාන පටුමඟේ පිහිටි සිය නවාතැන්පළ තුළදී පෙරේදා (18 දා) දිවි නසාගෙන ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.

29 හැවිරිදි මොහු ඖෂධ වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. දිවි නසා ගැනීමට පැයකට පමණ උඩදි වට්ස්ඇප් හරහා දිවි නසාගන්නා බවට සටහනක්ද සිය මිතුරන්ට එවා තිබූ බව පොලිසිය කියයි.

අරගල බිමේ ක්‍රියාකාරිකයකු වූ බුද්ධික මියයයි

ඒ අනුව ඔහුගේ මිතුරකු හා වෛද්‍යවරයකු ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානය වෙත පැමිණ තිබේ. ඒ එනවිට නවාතැන්පළේ දොර අගුළු දමා තිබී ඇත. ඒ ගැන සැක සිතූ ඔවුහු දොර කඩා ඇතුල් වනවිට බුද්ධි ප්‍රබෝධ මහතා සිහිසුන් වී ඇඳ මත වැටී සිටිනු දැක ඇත. වහා ක්‍රියාත්මක වූ ඔවුහු බුද්ධි මහතාව මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී ඔහුව පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඔහු මියගොස් ඇති බව දන්වා තිබේ.

අරගල බිමේ ක්‍රියාකාරිකයකු වූ බුද්ධික මියයයි

මියගිය බුද්ධි මහතා අපොස උසස් පෙළ හදාරන සමයේ සිට විශාදය තත්ත්වයෙන් පෙළී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. ඔහු දිවි නසා ගැනීමට පෙර සමාජ මාධ්‍ය තුළ තබන ලද සටහනද සමාජය තුළ දැඩි කතාබහට ලක්වී තිබේ. ඔහු තැබූ සටහන මෙසේය.

“මිනිහෙක්ට තියෙන්න ඕනේ ඩෙඩ්ලයින් එකක්. මට පෞද්ගලිකව ඩෙඩ්ලයින් එකක් තියෙනවා. නොවැළැක්විය හැකි හේතුවක් නිසා හදිසියේ මියයන්න සිද්ධ වෙන සම්භාවිතාව ඉවත් කරලා කතා කළෝතින් මම කැමතියි කලින් තීරණය කරන දිනයක, වේලාවක සහ තැනකදී තමන් තෝරා ගන්නා ක්‍රමයකට ජීවිතය අවසාන කරන්න. ඒක සාමාන්‍ය දෙයක්.

අපි අද ජීවත් වන සමාජ හර පද්ධතිය ඇතුළේ ඒක අසාමාන්‍ය දෙයක් වුණත් මීට ශතවර්ෂ විසිහයකට කලින් ඒක කරපු කෙනෙක් හිටියා. ඒක කරපු කෙනා ඒක හැඳින්වූයේ ආයු සංස්කාරය අතහරිනවා කියලයි. ඒ දේ සමහර විට අපි ජීවත් වෙන ශිෂ්ටාචාරයේ වත්මන් හර පද්ධතියට

ගැළපෙන එකක් නෑ. හැබැයි මට හිතෙනව අනාගතයේ එහෙම වෙන්න ඉඩ තිබෙනවා කියලා. මම සැලකිය යුතු කාලයක සිට ජීවත් වෙන්නේ මගේ ඩෙඩ් ලයින් එකත් එක්ක. මට දිගම දිග ජීවිත කාලයක් ඕනේ නෑ. මට දැන් ඇති. ඒ ඇති කියා තැනට ආවට පස්සේ ජීවත් වෙන අමතර දවස් කියන්නේ අනවශ්‍ය මහන්සියක් විතරයි. මේ ගෙවීගෙන යන්නේ ජීවිතයේ අවසාන මහන්සි සහ කම්මැළි දවස් ටික විය යුතුයි කියලා මම හිතාගෙන ඉන්නවා…’

‘හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනවා. පුළුවන් එකෙක් අඩුම තරමෙ තමන්ගේ ගේ ඉස්සරහා පාරට හරි බැහැපල්ලා…’ 2022 මාර්තු 29 දා ඔහු සිය මුහුණු පොතේ තැබූ සටහන අරගලය ආරම්භ කිරීමේ ආන්දෝලනාත්මක සටහනක් විය. කොළඹ ආනන්ද විiාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ බුද්ධි ලන්ඩන් විශ්විiාලයේ නීති උපාධිධාරියෙකි. ‘සිලෝන් ටුඩේ’ පුවත්පතේ කලක් සේවය කර ඇති තරුණ මාධ්‍යවේදියෙකු වූ බුද්ධි ජනප්‍රිය වෙබ් අඩවියක් වන ඍද්රගකන හි ලේඛකයකු ලෙස කටයුතු කර ඇත. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසද බුද්ධි ජනප්‍රිය චරිතයක් විය. මියගිය අය අරගල භූමියේ මුල්ම කූඩාරම ඉදිකළ අය බවද හෙළිවී ඇත. අරගලය තවදුරටත් ඉදිරියට ගෙනයමින් එහි ප්‍රතිඵලයන් සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකිවීම පිළිබඳවද ඔහු කළකිරීමට පත්ව ඇතැයිද හෙළිවී තිබේ. සිද්ධිය පිළිබඳව මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඒ. ජී. එස්. ප්‍රසන්න මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. පියල් ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment