එජනිස ලේකම් පුටුව ස්ථිරවම පුරවන්න මෛත්‍රී ලොකු ගේමක

93

නඩුව අස්කර ගන්නැයි අමරවීරටත් කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ස්ථිර වශයෙන් මහ ලේකම්වරයකු පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එජනිස හිටපු ලේකම් මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන්ට දැනුම්දී ඇත.

ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිප සාමාජිකයන් එජනිස යටතේ තරග කිරීමට අපේක්‍ෂා කරන නිසා ඉක්මනින් එසේ ලේකම්වරයකු පත්කර ගන්නැයි උපදෙස් දී ඇත. පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව දැනුම්දී ඇත.

සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි මහින්ද අමරවීර මහතා එම ධුරයෙන් ඉවත් කර තිලංග සුමතිපාල මහතා ඊට පත්කර තිබූ අතර එම තීරණයට විරෝධය පළ කරමින් මහින්ද අමරවීර මහතා අධිකරණය හමුවට ගිය අතර එහිදී එම පත්වීමට වාරණයක් පනවා තිබුණි.

ඒ අනුව එම දෙදෙනා ලේකම්වරුන් ලෙස පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම ද ප්‍රකාශ කර ඇත. ඒ හේතුවෙන් සන්ධානයට මහ ලේකම්වරයකු ස්ථිර ලෙසම නොසිටීම නිසා ස්ථිර ලේකම්වරයකු පත්කර ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ඒ අනුව එම දෙදෙනාට සාකච්ඡා කර එක් අයකු නම්කරන ලෙසත් නැතහොත් අධිකරණ ක්‍රියාමාර්ගය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නොමැති නම් මධ්‍යම කාරක සභාවට සන්ධානයට මහ ලේකම්වරයකු පත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment