ආණ්ඩුව අලුතෙන් කැසිනෝ බලපත්‍ර දෙකක් දීලා- විජිත හේරත්

161

ආණ්ඩුව අලුතෙන් කැසිනෝ බලපත්‍ර දෙකක් නිකුත් කර ඇති බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.

නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් දාන්න බලපත්‍රයක් දී ඇති බවත් ලංකාවේ කැසිනෝ ආයතනවල වැඩ කළ දෙදෙනකුගේ නමින් බලපත්‍ර නිකුත් කර ඇති බවත්, ඔවුන් හරහා ඉන්දියානු ආයතනයකට බලපත්‍ර නිකුත් කර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙයට අමතරව ගාල්ල, මහනුවර ඇතුළු කොළඹින් බැහැර ප්‍රදේශවල කැසිනෝ ශාලා ඇරඹීමට ඉල්ලුම් කර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කැසිනෝ බලපත්‍ර නොදුන් බවට මුදල් රාජ්‍ය ඇමැතිවරයා කළ ප්‍රකාශය බොරුවක් බව ද හෙතෙම කීය.

ආණ්ඩුව ආදායම් උපයන්න හදන්නේ කැසිනෝ මගින් බව ද, තරුණ තරුණියන්ට රැකියා කිරීමට සිදුව ඇත්තේ ද එම ආයතනවල බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment