ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර වැඩි කරයි

274


ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
එය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්ම බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.එසේම මෙම අරමුදල මගින් මෙතෙක් මුදල් ආධාර ලබානොදුන් රෝග කිහිපයක් සඳහාද මුදල් ආධාර ලබාදීමට පියවර ගෙන ඇත.
එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට
ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ
02ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment