උ.පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර නැවත ලිවීමේ වියදම් ප්‍රශ්න පත්‍ර පිටකළ අයගෙන් අයකර ගන්නවා

53

– විභාග දෙපාර්තමේන්තුව කියයි

උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරීම නිසා එය නැවත පැවැත්වීමට යෑමෙන් රජයට වූ පාඩුව ප්‍රශ්න පත්‍රය පිටකළ අයගෙන් අයකර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

කෘෂි විද්‍යා I, II ප්‍රශ්න පත්‍ර දෙකම පිටකර ඇති බවට හෙළිවීම නිසා එම ප්‍රශ්න පත්‍රය පෙබරවාරි 01 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට ප්‍රශ්න පත්‍රය පිටකළ බව කියන අම්පාර ප්‍රදේශයේ ගුරුවරයෙක් සහ මොරටුව ප්‍රදේශයේ පාසලක කාර්යාල කාර්ය සහයකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිළිබඳව විමර්ශන තවදුරටත් සිදුකරන බවත්, විභාගය අවසන් වීමෙන් පසු සිදුකරන විමර්ශන කඩිනම් කර තවත් සැකකරන පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් සමරකෝන් මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment