හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සජබ සමග එක්වෙයි

132

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා ඊයේ (29දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා එක්විය.

එහිදී ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා වසර 35කට (1980-2015) අධික කාලයක් යුද හමුදාවේ පාබල සේනාංකයට නායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර අවසන් යුද්ධයේදී ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. එසේම කාලයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

යුද හමුදාවේ සේවයේ නිරතව සිටියදී යුද්ධය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය හේතු කරගෙන වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණශූර පදක්කම, උත්තම සේවා පදක්කම, දේශපුත්‍ර පදක්කම ආදී සම්මාන රාශියකින් පිදුම් ලැබීමටද ජෙනරාල් දයා රත්නායක මහතා සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment