ඉන්ධන මිල ඉහළ යෑමෙන් සමස්ත කාන්තාවන්ම යළි පීඩනයකට පත්වෙලා

169

ඉන්ධන මිල ඉහළ යෑමත් සමගම මුළුතැන්ගෙයි  අර්බුදයක් මතුවීමෙන් සමස්ත කාන්තාවෝ යළි පීඩනයකට පත්ව සිටින බව මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
 
 මේ වන විට පාන්පිටි මිල ඉහළ ගොස් ඇති අතර හෙට සිට කාටත් නොදැනෙන ලෙස පරිප්පු, මිරිස්, තුනපහ ඇතුළු මුළුතැන්ගෙට වුවමනා කරන සියලූ භාණ්ඩවල මිල ඉහළ යනු ඇතැයි කී මන්ත‍්‍රීවරිය මේ ඔස්සේ මානසික ආතතියකට පත්වන්නේ කාන්තාවන් බව ද කීය.
 
 වැඩිපුර භාවිත වන ඉන්ධනවල මිල රුපියල් විස්සකින් ඉහළ යෑම මත එළවළු, මාළු ඇතුළු සෙසු භාණ්ඩවල මිලද ඉහළ දැමීමට ව්‍යාපාරිකයෝ කටයුතු කරනු ඇතැයි ද මේ ස`දහා පාලන මිලක් පවත්වාගෙන යෑමට රජයට කිසිදු හැකියාවක් නැතැයිද ඇය කියා සිටියාය.
 
 පරිප්පු රුපියල් හැට පහකටත් සැමන් ටින් එක රුපියල් සියයටත් දෙන බවට බොරු පුරාජේරු ගැසූ ජනපති ඇතුළු මේ ආණ්ඩුව අද වන විට ජනතාවට යහමින් එක වේලක් හෝ කන්නට බැරි තත්ත්වයක් උදාකර ඇතැයි කවිරත්න මහත්මිය කියා සිටියාය.
 
 ඉන්ධන මිල ඉහළ දැමීම ඔස්සේ ඖෂධ ආහාර ප‍්‍රවාහනය ඇතුළු සමස්ත භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යන බවද, ඒ ඔස්සේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බව පැහැදිලිව දක්නට ලැබෙන බවද මන්ත‍්‍රීවරිය කීවාය.
 
 සංචරණ සීමා පනවා ඇති බැවින් එදිනෙදා වෙළෙ`දාමක් කරගත නොහැකිව සිටින සුළු වෙළෙ`ද ප‍්‍රජාව මුහුණ දී ඇති ගැටලූ සොයා බැලීම ස`දහා තමන් නව වැඩසටහනක් දියත් කිරීමට අපේක්ෂා කරන බව දැන්වීම ස`දහා ඊයේ 15දා මාතලේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඇය මෙලෙස කියා සිටියාය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment