ගෑස් සිලින්ඩරය පිපිරී කුකුළු පැටවු 3000 ක් මියයති තවත් සිලින්ඩරයක ගෑස් ලීක්

264

පන්නල පොලිස් වසමේ පල්ලෙගම එලිබිච්චිය ප‍්‍රදේශයේ කුකුළු ගොවිපළක ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති වූ ගිනිගැනීමකින් කුකුළු පැටවුන් තුන්දහසක පමණ සංඛ්‍යාවක් පිළිස්සී ඊයේ (24 දා* අලූයම මියගොස් ඇත. 04 – පිටුවට

මහා පරිමාණයෙන් කුකුළු මත්ස්‍ය ව්‍යාපාරය සිදු කරන සමාගමකට අයත් මෙම කුකුළු ගොවිපළ අක්කර 17 ක පමණ භූමියක පවත්වාගෙන ගොස් ඇත. මෙහි කුකුළු පැටවුන් තිස්පන්දහස බැගින් සිටිය හැකි ශාලා 07 කින් යුක්ත වෙයි. ගිනිගැනීමට ලක් වූ ශාලාව තුළ සිටි කුකුළු පැටවුන්ට අමතරව තවත් කුකුළු පැටවුන් තිස් දෙදහසක් ඊයේ (24 දා* දහවල් රැුගෙන ඒමට සූදානම් කර තිබී ඇතත් එම සතුන් රැුගෙන ඒමට පෙර අලූයම 2.30 ට පමණ ගින්න ඇති වී තිබෙන බව කුලියාපිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි අතුල අබේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම කුකුළු ගොවිපළේ සතුන්ට කෑම සැපයීම, උෂ්ණත්වය පාලන කිරීම ඇතුළු ක‍්‍රියාවන් නවීන තාක්‍ෂණයෙන් සකස් කර තිබී ඇත. එහි උණුසුම් ගතිය ඇතිකිරීම සඳහා නළ මාර්ගයෙන් කිලෝග‍්‍රෑම් 37.5 බැගින් අඩංගු ගෑස් සිලින්ඩර් ටැංකි තුනක් මෙම ශාලාවේ සවිකර තිබී ඇත. ඉන් එක් ටැංකියක් පුපුරා යෑමෙන් මෙම ගින්න ඇති වී ඇතැයි පොලිසිය සැක කරයි. මීට පෙර ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් වාර්තා වුවත් ගෑස් සිලින්ඩර් පුපුරා යෑම් වාර්තා වී නොතිබිණි. එහෙත් මෙහිදී එක් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති බවත්, අනෙක් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවෙමින් තිබූ බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී තහවුරු වූ බව ද අබේරත්න මහතා කීය.

ගින්න ඇතිවන විට එහි ආරක්‍ෂාවට ආරක්‍ෂකයන් යොදවා සිට ඇතත් ගෑස් ටැංකිය පුපුරා ක්‍ෂනිකව ඇති වූ ගින්න පාලනය කර ගැනීමට නොහැකි නිසා නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පන්නල පොලිසිය ගින්න පාලනය කරන විට ශාලාව සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

ශාලාව ගිනි ගැනීමෙන් ඇති වූ අලාභය ගණනය කර නොමැති අතර, එම සමාගමට ඊයේ (24 දා* දහවල් වන විට ලැබීමට නියමිතව සිටි පැටවුන් 32,000 රඳවා තබා ගැනීමට ස්ථානයක් නොමැතිවීම එම සමාගම මුහුණ දී තිබූ ප‍්‍රධාන ගැටලූවක් බව ද අබේරත්න මහතා කීය.

කුලියාපිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි අතුල අබේරත්න මහතාගේ උපදෙස් මත පන්නල පොලිස් ස්ථානාධිපති උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

චමින්ද සිල්වා සහ සඳලංකාව – ධම්මික රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment