විටමින් ‘සී’ සිරුරට බලපාන හැටි

412

* තුවාල සුව වීම පමා වීම ඇති වේ

* ශරීරයේ දුර්වලතා හටගනී

කොවිඞ් වසංගතය හමුවේ අප බොහෝදෙනා මෙම වෛරස රෝගයෙන් වැළකීම සඳහා විටමින් ‘සී’ ගැනීමට වෙනදාට වඩා පෙළඹී සිටිති. ඒ නිසා මේ වනවිට විටමින් ‘සී’ පෙතිවලට බොහෝ ඉල්ලූමක් පවතී

අපගේ සිරුරේ නිරෝගී පැවැත්ම සඳහා අවශ්‍ය විටමින් වර්ග අතුරින් විටමින් ‘සී’ තාපයට ඉතා සංවේදී විටමීනයකි. මෙමගින් සිරුර තුළ වැදගත් කාර්යයන් රැුසක් ඉටු කරයි.

විටමින් ‘සී’ මගින් සිරුරට ලැබෙන ප‍්‍රයෝජන

රුධිර වාහිනී, අස්ථි හා කාටිලේජ තුළ බහුලව ඇති කොලාජන් නමැති සම්බන්ධක පටක විශේෂය සෑදීමට අවශ්‍ය ය. ආහාර මාර්ගයේ යකඩ අවශෝෂණය වේගත් කිරීමට උපකාරී වේ. යකඩ ලවණවල ඇති ෆෙරීක් අයන ෆෙරස් අයන බවට පත්කර සිරුරට උරාගැනීමේ තත්ත්වයට පත් කිරීමට විටමින් සීවලට හැකියාව ඇත.

ප‍්‍රතිඔක්සිකාරකයක් ලෙස කි‍්‍රයා කරමින් ආසාදන හා වෙනත් රෝග ඇතිවීම අඩු කරයි. තුවාල සුව වීමේ වේගය වැඩි කරයි.

විටමින් ‘සී’ අඩංගු ආහාර

පේර, නෙල්ලි, වෙරළු, කාමරංකා වැනි පලතුරු වර්ගවල බහුලය. පැඟිරි සහිත පලතුරුවන දෙහි, දොඩම්, නාරං, ජම්බෝලවල ද බහුලය.

මුංඇට, කව්පි සහ කඩල වැනි පැළ වෙන රනිල බීජවල තක්කාලි, නිවිත, මල්ගෝවා, බටු, රාබු වැනි එළවළු වර්ගවල අර්තාපල් වැනි අල වර්ගවල විටමින් ‘සී’ ඌණතා රෝග ශීතාද රෝගය නමැති රෝගය මතු වේ. එවිට විදුරු මස ඉදිමීම හා ලේ ගැලීම, සම තුළ රුධිර වහනය සන්ධි තුළට රුධිරය වහනය වීම ආදී රෝග ලක්ෂණ දැකිය හැකිය. නීරක්තය හෙවත් රතු රුධිරානු අඩු වීම. තුවාල සුව වීම පමා වීම ඇති වේ.

ශරීරයේ දුර්වලතා හටගනී.

තොරතුරු
වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ
වාසනා පොත් ප‍්‍රකාශකයින්ගේ මාතෘ හා ළමා පෝෂණය ග‍්‍රන්ථ ඇසුරිනි
 

advertistmentadvertistment
advertistmentadvertistment