ලක්මාලූත් සමුගන්න හදයි

294

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක සහ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් එළඹෙන ඉන්දීය කි‍්‍රකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 66 කට, එක්දින ජාත්‍යන්තර තරග 84 කට සහ පන්දුවාර 20-20 තරග 11 කට කී‍්‍රඩා කර ඇති ලක්මාල් 2018 ජුනි මස පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී පළමු වරට ශී‍්‍ර ලංකා ටෙස්ට් නායකත්වයට පත් විය. ටෙස්ට් තරග 3 කින් යුත් එම තරගාවලියේ පළමු තරග දෙක අවසානයේදී 1-0 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන් පෙරමුණේ පසු වූ අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් පැමිණ තරග තහනමට ලක් වීමෙන් තෙවනි තරගයේදී නායකත්වය සුරංග ලක්මාල්ට හිමි විය. එම තරගය ලක්මාල්ගේ නායකත්වය යටතේ ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම කෙන්සින්ටන් ඕවල්හිදී ටෙස්ට් තරගයක් ජයගත් පළමු ආසියා කණ්ඩායම බවට ශී‍්‍ර ලංකා කණ්ඩායම පත් කළේය.

 ටෙස්ට් තරගවලදී කඩුලූ 167 ක් ද, එක්දින තරගවලදී කඩුලූ 107 ක් ද, පන්දුවාර 20-20 තරගවලදී කඩුලූ 8 ක් ද ලක්මාල් දවා ගෙන ඇත. 2010 නොවැම්බර් මාසයේදී ටෙස්ට් වරම් ලැබූ සුරංග ලක්මාල් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ 114 වැනි කී‍්‍රඩකයා වූ අතර එහිදී කඩුලූ 5 කට වැඩියෙන් දවා ගත් අවස්ථා 4 ක් සිය ටෙස්ට් තරග දිවියේදී සටහන් කර ගෙන ඇත.

 ටෙස්ට් තරග 5 කදී ශී‍්‍ර ලංකාවට නායකත්වය ලබාදුන් ලක්මාල් මේ වනවිට 34 හැවිරිදි වියේ පසු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment