අඳුරට සාප නොකර එළිය ගන්න වෙරදරන මිනිස්සු

1649

විදුලි අර්බුදයට ආණ්ඩුවට නොබැන රටේ ආර්ථිකයට උරදෙන අලුත් මෙහෙයුමක්

අපේ රටේ මේ දිනවල හට ගෙන ඇති අර්බුද නිසා ජනතාව විවිධ අයුරින් පිඩාවට පත් වී තිබෙන බව අපි සියලූ දෙනාම දන්නා කරුණකි. තෙල් හා විදුලි අර්බුදය මෙහි ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වී තිබේ.

දිවා කාලයේ දැඩි හිරුඑළියක් වැටෙන අපේ රටේ එයින් යම් ශක්තියක් ලබාගන්නට, ඒ පිළිබද කිසිදු වගකිවයුතු කණ්ඩායමක් උත්සහ නොකරන මේ කාලයේ එයින් යමක් රටට කරන්න උත්සහ කරණ තරුණ පිරිසක් පිළිබදවයි මේ කථාබහ.

හිරුඑළිය සම්බන්ධ කරගෙන දැනටමත් අපේ රටේ ක‍්‍රම කිහිපයකට විදුලිය නිෂ්පාදනය කරනවා. එහි ඉතා සරල ක‍්‍රමය නම් සූර්ය පැනලයක් ආධාරයෙන් බැටරියක් ආරෝපණය කරලා ඒ තුළින් විදුලිය ලබාගෙන බල්බ් දල්වා ඒ තුළින් අලෝකයක් ලබා ගැනීම. එසේ නොමැති නම් තම නිවස් තුළ වහලය මත යොදාගත් සූර්ය පැනල ආධාරයෙන් නිෂ්පාදනය කරන ඒ විදුලිය, ජාතික විදුලි පද්ධතියට ලබාදීම වර්ථමානයේ බහුලව සිදුවන ක‍්‍රමවේදයන් දෙකකි.

අඳුරට සාප නොකර එළිය ගන්න වෙරදරන මිනිස්සු

නමුත් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ ක‍්‍රමවේදය තුළින් විදුලි කප්පාදුවකදී ඒ සඳහා අයෝජනය කළ පාරිභෝගිකයාට යම් අසාධාරණයක් සිදුවනවා. ඒ මක් නිසාද නිෂ්පාදනය කරණ විදුලිය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවීම නිසා. ඒ පිළිබදව රට පුරා විවිධ මැසිවිලි මේ දිනවල අසන්නට ලැබේ. මා මුලින්ම සඳහන් කළ ක‍්‍රමවේදය තවදුරටත් වර්ධනය කරමින් තම නිවසේ වහලය මත සවිකළ සෝලා පැනල් ආධාරයෙන් පැය 24 පුරාම, ජාතික විදුලි බල පද්ධතියට කිසිදු සම්බන්ධතාවකින් තොරව 230 V විදුලි සම්බන්ධතාවය ලබා දෙන්නට විවිධ පරීක්ෂණ හා අත්හදා බැලීම් සිදු කරමින් ඉදිරි වර්ෂය තුළ ලක්ෂයක කණ්ඩායමක් මේ ක‍්‍රම වේදය යටතේ නිවෙස් තුළට විදුලිය ලාබා දෙන්නට උත්සහා කරණ කිසිදු බලධාරියකුගේ අවධානයට යොමු නොවූ අපේ කාලයේ තරුණ පිරිසක් ගන්නා පුංචි උත්සහයකි මේ. වර්තමාන විදුලි අර්බුදයට යම් සවියක් දෙන්නට ඔවුන් තම නිවස් තුළම හිරු එළියෙන් කුඩා විදුලි බලාගාර තනා ගෙන ඒ තුළින් නිවසට අවශ්‍ය සියලූ විදුලි අවශ්‍යතා සපුරා ගැනිමයි ඔවුන්ගේ උත්සහය.

මෙම ක‍්‍රමවේදය OFF Grid System යනුවෙන් නම් කර තිබේ. මෙය අලූත් ක‍්‍රමවේදයක් නොවුනත් ඒ සඳහා අවශ්‍ය උපකරණ අඩුව, ඒ උපකරණ හා භාණ්ඩවල අධික මිල නිසා මෙම ක‍්‍රමවේදයන් වලට ජනතාවට යෑමට නොහැකි බවයි ඔවුන් පවසන්නේ. ඔවුන් මේ සඳහා ඉතාම සරළ ක‍්‍රමයක් භාවිත කරණවා. ඉතා හොඳ හිරුඑළියෙන් සෝලා පැනල් හරහා ලබා ගන්නා ශක්තිය මගින් බැටරි අරෝපනය කර ඒ බැටරි තුළ ඇති ශක්තිය inverter හරහා 230 V (වොට්) ලබා ගැනීමයි. මෙය එතරම් පහසු ක‍්‍රමයක් නොවන අතර ඒ සඳහා යම් හෝ විදුලි හා ඉලෙක්ට්‍රොනික් ශිල්පීය ක‍්‍රමවේදය හා ඒ විෂය පිළිබඳව මනා දැනුමක් ඇති අයට කළ හැකි දෙයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ සඳහාම අන්තර්ජාලයේ facebook හරහා DIY Off Grid Sri Lank group හා DIY Energy Sri Lanka කණ්ඩායම් දෙකක් හරහා ඔවුන් දැනුම බෙදාගනිමින් පරීක්ෂණ කටයතු සිදුකරමින් මෙය සිදු කරන්න උත්සහ ගනිමින් සිටින බවයි ඔවුන් සඳහන් කරනේ.

මේ පිළිබදව ‘‘ඉරිදා දිවයින සංග‍්‍රහය’’ට අදහස් දැක්වූ පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය රාජාංගනය හන්දිය කාර්මික ශිල්පි ප‍්‍රභාත් මංජුල මහතා, මම මගේ කාර්මික වෙළෙද සල දවල්ට 230 V සූර්ය බලයෙන් තමයි යොදාගෙන මගේ වැඩ ටික කර ගන්නේ. මම වසර කිහිපයක් විදෙස් ගතවෙලා ඉඳලා අවේ. ඒ රට වටේ අවුරුද්දේ වැඩි කලක් හිරුඑළිය වැටෙන්නෙත් නැ. ඒත් ඔවුන් හිරු එළියෙන් නම් වැඩ ගන්නවා. නමුත් අපේ රටේ එහෙම නෑ නේ. මේ දිනවල විදුලි අර්බුදයට හොඳ විසඳුමක් දෙන්න පුළුවන් මේ තුළින්. ඇත්තටම බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න හොඳම අවස්ථාවක් මෙය. අපේ ගෙවල් තුළම ඉතා පහසුවෙන් මේ දේ කර ගන්න පුළුවන්. මගේ පද්ධතියෙන් තවම මම දවල්ට විතර 230 V ගණනේ රාත‍්‍රී කාලයට ගන්න බැටරි සවි කරලා නෑ. හොඳ බැටරි ටිකක් සොයාගන්න ඔනේ. අපිට ලංකාවේ මේ සඳහා අවශ්‍යය දෑ සොයාගන්න තමයි ආමරු. මම මගේ ගොවි බිමට වතුර මෝටරය ක‍්‍රියාත්මක කරන්නේත් සෝලා පැනල් භාවිත කරලා.

දැනට ජාතික විදුලි පද්ධතියෙන් බැහැරව තම නිවසේ සියලූ කටයුතු සඳහා 230 V ( AC )(ප‍්‍රත්‍යයා වොල්ටීය තාවය ) විදුලිය නිෂ්පාදනය කරන මෙම කණ්ඩායමේ ඉන්න පොල්ගහවෙල නගරයේ වෙසෙන දේවක රාමනායක මහතා අදහස් දක්වමින්, මම වසර 15ට වැඩි කලක් විදෙස් රටක සේවය කළේ. වර්තමාන තත්ත්වය හමුවේ රජය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු වෙනවා. රජය අපිට උදව් කරනවානම් මේ විදුලි බල ප‍්‍රශ්නයට හරි අඩක් පිළිතුර දෙන්න අපි සුදානම්. එයට අපිට උදව් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ වැඩ කළාට අපිට කිසිම උපකරණයක් ගේන්න දෙන්නේ නැ. සුනිත්‍යය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි අයට විතරයි මේ අවස්ථාව දෙන්නේ. ඒ දැනට සොලා පැනල් භාවිත කරලා ජාතික විදුලි බල පද්ධතියට විදුලිය ලබා ගන්නා Grid එකට සම්බන්ධ වැඩ ඒවාට විතරයි.

අඳුරට සාප නොකර එළිය ගන්න වෙරදරන මිනිස්සු

අපි මේ කථා කරනේ OFF Grid System එකක් ගැනයි. මේ සඳහා භාවිත කරන්න පරණ සෝලා පැනල් අපිට හොඳටම ඇති. නමුත්, ඒවා තියෙන තැන්වලින් දෙන්නේ නෑ. මම දන්නවා Grid එකට භාවිතාකරලා පසුව එවාට අලූත් පැනල් භාවිත කරණ නිසා මාරුකරණ ඒවා අපිට දෙනවනම් කිසිදු ගැටලූක් නැතිව මේ වැඬේ කරන්න පුළුවන්. ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක් ඇති කරන්න කියලා අපි වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේවා කිසිදු හානියක් ප‍්‍රශ්නයක් ගැටලූවක් ආරක්ෂාව පිළිබඳව ප‍්‍රශ්න නෑ. පිටරට විවිධ ස්ථානවල හිරු එළියෙන් බැටරි අරෝපණය කරලා ජාතික පද්ධතියටත් දෙනවා. අපි එහෙම කියන්නේ නෑ. මේ අවස්ථාවේ නිවසේ අවශ්‍ය ටික කරගන්න පහසුකම් ලබා දෙන්න. හැකි නම් අඩු පොලියට බැංකු ණයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

DIY Off Grid Sri Lank group එකේ ප‍්‍රධානියා හැටියට කටයුතු කරන පරිගණක ඉංජිනේරු ජාඇල පදිංචි තිවංක විමලසූරිය මහතා අදහස් දක්වමින්, ඇත්තටම 2019 විතර අපි තිදෙනෙක් විතර මේ වැඬේ ඉතා අමාරුවෙන් කළා .ඒ කාලෙත් විදුලි අර්බුදයක් ආවා. ඒකාලයේ අපි මෙයින් ලොකු වැඩක් කළා. ඉතිං මේ ගැන විවිධ අය විස්තර සොයන්න ගත්තා. ඒ නිසා අපි මේ කණ්ඩායම හැදුවා දැනුම බෙදා ගන්න. ජාතික විදුලි පද්ධතිය තුළ ඇති වර්තමාන විදුලි අර්බුදයට මෙය හොඳම විසඳුමක්. අපි මේ කණ්ඩායම හදලා දැනුම බෙදා ගැනීම තුළින් දැන් ගොඩාක් දෙනෙක් මේ පිළිබඳව අවධානය යොමුවෙලා. ගොඩාක් පිරිසක් අපි වටා එකතුවෙලා ඉන්නවා, අපි සුදානම් උදව් කරන්න. අපි දැන් සූම් තාක්ෂණය ඔස්සේද වැඩමුළු පවත්වනවා. CUB HOUSE ක‍්‍රමවේදයන් යටතේද අපි දැනුම ලබා දීලා අපි සමාජයේ යම් පෙරළියක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඊට අවශ්‍යය සොලා පැනල්, හොඳ බැටරි තමයි ඔනේ මේ වැඬේ කරන්න. කවුරු හරි කමක් නෑ මේ හොඳ ක‍්‍රමවේදය හරියට නිවැරදිව ආරක්ෂිතව ජාතික අවශ්‍යතාවයක් ලෙස කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ. මේ පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කරන පන්නිපිටිය වීර මාවතේ පදිංචි ශ‍්‍රී ලංකා ටෙලිකොම් පිටිපන ජාතික දත්ත මධ්‍යස්ථානයේ පහසුකම් කළමනාකරු ලෙස සේවය කරණ චන්දක ප‍්‍රීති ප‍්‍රසාද් මහතා අදහස් දක්වමින්, ඇත්තටම වර්තමාන විදුලි අර්බුදයට මෙය හොඳ විසඳුමක්. අපිට පුළුවන් අපේ නිවස තුළම අපිට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කර ගන්න. එවිට ජාතික විදුලි පද්දතියෙන් අපේ නිවස්වලට ගන්න ප‍්‍රමාණය අඩු කරගන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයට බරක් වෙන්න ඕනේ නෑ. අපි වාණිජ පරමාර්ථයෙන් තොරවයි මේ කථා කරන්නේ. අපි සියලූ දෙනාම දැනුම බෙදාගෙන මේ වැඬේ කළේ.

DIY Energy Sri Lank කණ්ඩායම් ප‍්‍රධානිකු ලෙස කටයතු කරන ගම්පහ මිරිස්වත්ත පදිංචි රාජ්‍ය සේවකයකු වන ඉසුරු සඳරුවන් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්, අපි පුංචි කණ්ඩායමක් ගත් ලොකු උත්සහයක් අද මල්පල ගැන්විලා තියෙනවා. හරිම සතුටුයි විදුලි බල මණ්ඩලයට. මෙගාවොට් ගණන් මේ නිසා විදුලිය ඉතුරු කරන්න පුළුවන්. විශ්ව විද්‍යාලයෙන් ගත්ත දැනුම මගේ පෞද්ගලික ජීවිතයට හරියට උපයෝගි කරගන්න පුළුවන් වුණා. එකවරම කරපු ඒකක් නෙමෙයි මෙවා ටික ටික කරපු දේවල්. පුංචි වියදමක් කරන්න වෙනවා. නමුත් ලොකු වැඩක් මේකෙන් කරන්න පුළුවන් අපිට උදව් කරන්න. මේ දැනුම බෙදාගෙන යමක් කරන්න පුළුවන් උදවියට උදව් දෙන්න මේ කණ්ඩායම හැදුවා.

ගොඩාක් දෙනෙක් අත්හදා බලලා ජය ගත්තා.

නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment