ගාමිණී ”ලෙජන්ඩ්” කෙනෙක් කියලා මට ලොකු අවබෝධයක් තිබුණේ නෑ – ඇන්ජලාගේ අතීතාවර්ජනය

595

ජීවිතය ගැන අපිට විවිධ අර්ථකථන නිර්වචන ලබාදෙන්න පුළුවන්. හැබැයි ඒ මොනදේ වුණත් ජීවිතය කියන්නේ විඳින්න ඕනෑ දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි. අර වැඬේ මේ වැඬේ ඉවර වෙනකල් ඉන්න වුවමනා නෑ. අපිට මේ ජීවිතයේ තව කොච්චර කාලයක් ඉතුරුද කියන්න දන්නේ නෑ. ඒ හින්දා ලැබෙන හැම මොහොතේදී ම ඔයාගේ වැඩ කරන ගමන් ජීවිතයට අවශ්‍ය දේවල් ළඟා කර ගත්තා. මොකද මිනිස්සු කියන අපේ ඔය වැඩ කියන දේවල් අපි මැරෙනකම් ඉවර වෙන්නේ නෑ. ලක්‍ෂ ගණන් ආදායම් ලබන මිනිහට තියෙන්නේ කෝටි ගණනක හීන. දහස් ගණන් ආදායම් ලබන මිනිහට තියෙන්නේ ලක්‍ෂ ගණන් හීන.

 ජීවිතය විඳින්න හුරු වෙන්න. නැතිනම් ඔයත් දුකින් ඔයාට ආදරේ කරන මිනිස්සුත් දුකින්.

 අද දවසේ අපට හමුවන කතා නායිකාවත් අන්න එහෙම චරිතයක්. තම දෙමාපියන් දුන් නමට ඩවා වෘත්තීය තුළින් ජීවිතය ජයගන්න උත්සාහ කළ ගැහැනියක්. ඇන්ජලා සෙනෙවිරත්න නම් වූ ඇයගේ කතාව මෙවර මීවිත ඛසෙැිඑහකැ තුළින් ඔබට කියැවීමට ඉඩකඩ හිමි වේ.

 ඇන්ජලා සෙනෙවිරත්න නම් වන මම ජීවිතය දැක්කේ හරිම සුන්දර විදිහට. කඳුළ අතුරින් සුන්දරත්වය හැම තිස්සේ ම මම දුටුවා.

 මගේ පසුබිම එතරම් සුන්දර නැහැ. අපි ධනවත් පවුලක් නෙමෙයි. බොහොම සරල මධ්‍යම පන්තියේ ජීවත් වුණ අය. ඉතිං ඔය ලක්ෂරි කියන දේවල් මට දැනුනේම නෑ. කොටින්ම කියනවානම් මගේ පළමු උපන් දිනය හැමෝට ම කියලා හිතේ හැටියට කේක් එකක් කපලා කාලා සතුටු වුණේ අවුරුදු 12 දී. ඒකත් ඉස්කෝලේ පන්තියේ කට්ටියත් එක්ක. ඉතිං

 සුඛෝපභෝගී ජීවිතයකට මම කවදාකවත් මුහුණ දීලා නැහැ. ඒක තමයි මම ජීවිතය කියලා හිතුවේ. එතකොට මගේම මුදල්වලින් මගේම ජීවිතය හදා ගත්තහම ඊට එහා පියවරක් ගන්න පුළුවන් කියලා දැනුණා. ඒත් මම කසාද බැඳලා ගාමිණී එක්ක ඉන්න කොටත් ජීවිතයේ ජයග‍්‍රහණය ගත්තේ හරි සරල විදිහට. එදිනෙදා ප‍්‍රශ්නවලට මුහුණ දීලා ඒවා නිරවුල් කරන්න උත්සාහ කරලා සමහර දේවල් නිරවුල් කරන්න බැරිවුණා.

ගාමිණී ”ලෙජන්ඩ්” කෙනෙක් කියලා මට ලොකු අවබෝධයක් තිබුණේ  නෑ - ඇන්ජලාගේ අතීතාවර්ජනය



* මම ආදරය දැක්කේ මෙන්න මේ විදිහට

 පොඩි කාලේ ආදරය ගැන අපි දරන්නේ හරි වැරදි විදිහට. මොකද අපි ගත කරන්නේ සිහින ලෝකයකනේ. අපි පොත්වලින් ලබාගත්ත සිහිනයක් සැබෑම කියලත් හිතනවා. ඊට පස්සේ අපිට ඕනෑ වෙන්නේ සිහින මැවුණ ආදරය. සැබෑව එහෙම නෑ. සැබෑව හරිම කෲර යි. එහෙම ලස්සන ආදරයක් මම හිතන්නේ ගොඩක් පින්වන්ත මිනිස්සුන්ට තමයි ලැබෙන්නේ. තමන් හිතන පතන ආදරය හැමෝට ම ලැබෙන්නේ නැහැනේ. කීයෙන් කී දෙනා ද පළමු ආදර වන්තිය බඳින්නේ සහ ඒ ආදර වන්තිය හෝ ආදර වන්තයා සමග එකට ජීවත් වෙන්නේ.



 * මගේ ජීවිතයට මම ආදරය කළේ

 කටුක ජීවිතයට මම මුහුණ දීලා මගේ වැරදිවලින් මම කඳුළු සලලා ඒකෙන් ගැළවෙන්න ඕනෑ කියලා මම මගේ හිත හදාගෙන ශක්තිමත්ව ඉන්න උත්සාහ කළා. අද මම හරිම ශක්තිමත් ගැහැනියක්.



 *තවත් කෙනකුගේ ආදරය

 මගේ හිතට දැනුනේ මෙහෙමයි. අවුරුදු 16 වෙනකොට මගේ ප‍්‍රථම පේ‍්‍රමය අසාර්ථක වුණා. අවුරුදු හතරකට පස්සේ ආදරයක් ගැන තිබුණ විශ්වාසය නැති කරලා යෝජිත විවාහයකට යොමුවුණා. ඒකත් අසාර්ථකයි. ඊට පස්සේ මගේ ළමයින්ගේ තාත්තා ගාමිණී ෆොන්සේකාව මුණ ගැසුණා. එයා මට වෙනත් ආකාරයෙන් ආදරය කළේ. මොකද අපි දෙන්නට අවුරුදු 22ක පරතරයක් තිබුණා. වෙනස්ම විදිහට මගේ ආදරය දැකපු කෙනෙක්. ඒ වුණාට සිහින ලෝකයේ ආදරය විඳින්න මට වාසනාව ලැබුණේ නැහැ.

ගාමිණී ”ලෙජන්ඩ්” කෙනෙක් කියලා මට ලොකු අවබෝධයක් තිබුණේ  නෑ - ඇන්ජලාගේ අතීතාවර්ජනය


* ගාමිණී ගේ ආදරය මගේ ජීවිතයට බලපෑ හැටි

 ගාමිණීගේ ආදරය ගොඩක් ගැඹුරට දැනුනේ ඔහු මගේ දරුවෝ දෙන්නගේ පියා නිසයි. තව එකක් රටේ ගොඩක් අය ආදරය කළ කෙනෙක්. ඔහු රටේ වටිනා චරිතයක්. එතකොට වෙනස් සාමාන්‍ය මනුස්සයකුට ආදරය කරනවාට වඩා ලෙජන්ඞ් කෙනකුට ආදරය කරනකොට ඒ හැඟීම හරිම වෙනස්. මිනිස්සුන් ගේ අවධානය යොමු වෙනවානේ. එතකොට ඒ අත්දැකීම හරිම වෙනස්. එතකොට මම හරි මෝඩයි. තව එකක්. මට දැනුමක් තිබුණේ නැහැ ගාමිණී මෙච්චර ලොකු කෙනෙක් කියලා. ලංකාවේ ඒවා කියන්න හරි ලැජ්ජයි. ඕක තමයි සැබෑව. මට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ලොකු දැවැන්ත ලෙජන්ඞ් කෙනෙක් කියලා. මම හිතුවේ එයා ෆිල්ම් ස්ටාර් කෙනෙක් කියලා විතරයි.

 * මගේ ජීවිතයේ වැරදුණු තැන්

 මට හැමදාම වරදිනවා. ඒ වුණාට අපි අපිට ම උගන්නන්න ඕනෑ. ඒ වරද හදාගත්ත. වැරදි වෙනවා. ඒ වැරැුද්දක් වුණහම ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන ආයේ ඒ දේවල් නොවිය යුතුයි කියලා හිත හදාගෙන ඒ වැරැුද්ද දෙපාරක් නොකර ඉන්න උත්සාහ කරන්න ඕනෑ.

 * මම ජීවිතය අවබෝධ කරගත්තේ

 අපේ ජීවිතය අපිට භාග්‍යයක් වගේම කෞෂල්‍යයක්. ජීවිතය අපිට දෙවියන් වහන්සේගෙන් ලැබුණු තෑග්ගක්. මුලදී ඒවා තේරෙන්නේ නෑ. නමුත් වයසට යනවා කියලා කියනවා වගේම වයසට යනකොට මේක ගැන කල්පනා කරනකොට මම වටහා ගත්තු දෙයක් තමයි මේ යුනිවර්ස් එකේ හැම දවසක්ම ලොකු තෑග්ගක්. ඒක උපරිම ප‍්‍රයෝජනයට ගන්න ඕනෑ. මට හෙට ගැන විශ්වාසයක් නෑ. හෙට එයිද කියන්න දන්නේ නෑ. ඊයේ ගැන කල්පනා කරලා දුක්වෙලා වැඩක් නෑ.

 * සතුට මගේ හිතට තදින්ම බලපෑවේ

 මගේ පාසලේ ඉන්න ශිෂ්‍යයෝ තවමත් අපි එක කාණ්ඩයක්. අපේ ආදි ශිෂ්‍ය සංගමය අදටත් හම්බවෙනවා. ඒ බැඳීම පුදුමාකාරයි. මම පිරිමි ඉස්කෝලෙකට ගියේ. ඒ ළමයි එක්ක පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. මගේ ජීවිතයට ගැටලූ ආවා. අභියෝග ආවා. ඒවට මම පුදුමාකාර විදිහට මුහුණ දුන්නා.

 * අසනීපයන් ජීවිතයට ගෙනා ධෛර්යය

 මේ ළඟකදී වුණ අසනීප තත්ත්වය වුණත් පුදුමාකාර හාස්කමක් නේ. දැන් මම ඉන්න තත්ත්වය බලන්නකෝ. අසනීප වුණ මුල් කාලයේ ඊළඟට කරන්නේ මොනවද කියලා අවබෝධයක් නැතිවුණ හින්දා මුල් දවස්වල මම සෑහෙන්න වැටුණා. නමුත් ඒන්ජල් කෙනෙක් ආවා වගේ මගේ ක්‍ෂේත‍්‍රයේ දෙන්නෙක් ඇවිත් මගේ දෑත් අල්ලගෙන මාව ශක්තිමත් කළා. ඒ වෙලාවේ ආවේ අනුෂා සොනාලි සහ සනෝජා බිබිලේ විතරයි. මම වැටුණු වෙලාවේ ඒ දෙන්න විතරයි මා ළඟ හිටියේ. මම තනිවුණේ නැහැ. ඒකෙන් මට පුදුමාකාර විදිහට මානසික ශක්තියක් ලැබුණේ. දැන් මට සුවයි. මට අලූත් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒක ඉතිං ප‍්‍රයෝජනයට ගන්න ඕනෑ හොඳ දෙයකට.

 * ජීවිතය ගැන ආපසු හැරී බැලූවොත්

 ‘ලයිෆ් ඊස් බියුටිෆුල් ලයිෆ් ඊස් මිරකල්.’ ඒක හාස්කමක්. මේ ගන්න හුස්ම හාස්කමක්. ඒක නැතිවුණ මොහොතේ සියල්ලෝම ඉවරයිනේ. එතකොට හිස් කඳක්. මේ හුස්ම සහ අනෙක් හුස්ම අතර තියෙන තාක්‍ෂණය අතර කාලය උපරිම විදිහට ප‍්‍රයෝජනයට ගන්න ඕනෑ.


 * මගේ කලා ජීවිතයට එබී බැලූවොත්

 ඒකත් හරිම සුන්දරයි. එක අතකින් මට ලොකු භාග්‍යයක් වුණා. කිසි කෙනෙක් මට තරගයක් වුණේ නැහැ. තර්ජනයක් වුණෙත් නෑ. මම ආවේ තනියෙන් වගේ. මම කරපු චිත‍්‍රපට ගොඩක් වෙනස්. ඒ අතින් ගොඩක් මම වාසනාවන්තයි. හැම දේකින්ම හරි ජනපි‍්‍රය වෙලා ඒ හරහා ගොඩක් දුරකට ඇවිත් මම සාර්ථක කලා ජීවිතයක් ගත කළා.

 * ඇන්ජලා සෙනෙවිරත්න කියන නම සමාජ ගත වීම

 මගේ නම බ‍්‍රෑන්ඞ් සෙට් එකක්. ඉතිං ඒක මම නෙමෙයි අනෙක් අය දීපු බ‍්‍රෑන්ඞ් සෙට් එකක්. ඇන්ජලා සෙනෙවිරත්න නමැති මේ කතා කරන ගැහැනිය හරිම සරල ආටෝප නැති චරිතයක්. පුංචි ම දෙයින් සතුටක් ලබන්න පුළුවන්.

 * ජීවිතය ජය ගැනීමට යෑමේදී දුක් විඳි අවස්ථා

 ප‍්‍රථම පේ‍්‍රමයෙන් තමයි පළමු දුක. අයියෝ ඒ කඳුළු හලපු කාලේ අනන්තයි. සෑම දුකකින්ම ගැළවෙන්න ඕනෑ. තාත්තා නැති වුණ වෙලේ මට හිතුණා වළට බහින්න. නමුත් ඒක කරන්න බැහැ. මගේ අම්මා නැති වුණා. ජීවිතය හරියට කුරුලූ පිහාට්ටක් වගෙයි. මේ දැන් තියෙනවා මේ දැන් නැහැ. ජීවිතයට ගොඩක් වටිනා විදහට සලකන්න ඕනෑ.

 * ජීවිතයේ තාඩන පීඩන ගැරහුම්වලට ලක්වුණ තැන්

 පවුල් ප‍්‍රශ්න තිබුණා. විවාහ කඩාකප්පල් වුණ අවස්ථා තිබුණා. ඒ දේවල්වලින් මම ගැලවුණා. දැන් ඒ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. මොකද මම ජීවිතය ජය ගත්තා. කිසිම වෙලාවක දුකක් කියන දේ රැුඳිලා ඉන්න එපා. ඒක ළිඳක්. ඒ ළිඳට වැටෙන්න එපා. එහෙම නැතිනම් ඒ ළිඳට පනින්න එපා. හැම මොහොතේම උත්සාහ කරන්න ඕනෑ ඒ ළිඳෙන් පිටතට එන්න. හැම මොහොතේම සතුට සොයන්න.

 මේ රටේ කාන්තාවන්ට සම අයිතියක් නැහැ. සම අයිතියක් තියෙන්න ඕනෑ. නමුත් ලංකාවේ පිරිමින්ගේ ආධිපත්‍යයක් තියෙන්නේ. ඉතිං ඒක වෙනස් වෙනකම් ඒ ගැටලූවලට ස්තී‍්‍ර පක්‍ෂය මුහුණ දෙනවා. නමුත් පිරිමියාට වඩා අපේ උප්පත්තියෙන්ම අපිට ලැබිලා තියෙනවා පුදුමාකාර ශක්තියක්. අපි දරුවන්ගේ අම්මලා. ගෙදර පාලනය කරන්නේ ගැහැනු. පවුල පාලනය කරන්නේ ගැහැනු. අපි ඒක ප‍්‍රයෝජනයට අරගෙන ජීවත් වෙනවා.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment