බම්බලපිටිය දුම්රිය පොළේ කැපුණු විදුලිය යළි ලැබේ

29

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කරනු ලැබූ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි සම්බන්ධතාව ඊයේ (26දා) දහවල් වන විට නැවත ලබා දී ඇත.

එම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කිරීම නිසා විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත් ආධාරක මගින් පවත්වාගෙන ගොස් තිබේ. මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිත කරන මගී ජනතාව ද දැඩි අපහසුතාවට පත්වී ඇති බව වාර්තා වෙයි.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිබිල රුපියල් හැත්තෑ අට දහස් අසූවයි ශත හතක මුදලක් සඳහා චෙක් අංක 321865 දරන චෙක් පත පසුගිය 24 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතත්, පෙරේදා (25දා) දින දහවල් සිට ඊයේ දහවල් දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය නොමැතිව තිබිණි. කෙසේ වෙතත් ඊයේ නැවත විදුලිය සම්බන්ධතාව ලබා දීම නිසා එහි කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරිණි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment