මිතුරාගේ පෙම්වතියට නොහොබිනා එස්එම්එස් යවා ගුටිකෑ පො.කො. රෝහලේ

100

උඩුගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි අවසන් කර සිය මිතුරාගේ පෙම්වතියගේ ජංගම දුරකථනයට අනවශ්‍ය එස්. එම්. එස්. පණිවුඩ යැවීම නිසා ඔහුගේ මිතුරා ඇතුළු තවත් පිරිසක් පැමිණ ඔහුට පොලුවලින් සහ හෙල්මට්වලින් පහරදීම නිසා බොරකන්ද රෝහලට ඇතුළත් කර ඇත. මෙම කොස්තාපල්වරයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ගමට පැමිණ තම මිතුරාගේ

පෙම්වතියට මෙසේ එස්. එම්. එස්. පණිවුඩ යවා තිබේ. කරන්දෙණිය පොලිසිය මගින් මෙම සිද්ධිය පිළිබඳ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ. තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment