ආයුර්වේදයෙන් අර්ශස් සුවය

3606

ප‍්‍රශ්නය – ආයුර්වේද ඖෂධ මඟින් අර්ශස් සුවකළ හැකිද?
 
වෛද්‍ය ඒ. ඒ. ජේ. පුෂ්පකුමාර – ආයුර්වේදයේ තිබෙන විශේෂත්වය තමයි සැත්කම් වලින් තොරව අර්ශස් සුව කිරීමට ඇති හැකියාව. ඉතාම සාමාන්‍ය මට්ටමේ අර්ශස් තත්ත්වයක් සුවපත් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඉතාම සාමාන්‍ය තත්ත්වයේ ආයුර්වේද බෙහෙත් පමණයි. අර්ශස් ගෙඩි සුව කිරීම සඳහා ආයුර්වේදයේ යොදන ප‍්‍රතිකාර වලින් පසු ඊළඟ මොහොතේ සිට දෛනික ජීවිතේ වැඩ පටන්ගත හැකියි. නවීන විද්‍යාවට අනුව අර්ශස් රෝගයට සැත්කම් කළහම පහත සඳහන් ප‍්‍රශ්න ඇතිවෙනවා. එනම් ගුද මාර්ගයේ පටක වලට හානි වීම. රුධිර වහනය, අධික වේදනාව, සැත්කමින් පසු ආසාදන හටගැනීම, රෝගියා කම්පනයට පත්වීම, මළ කාන්දුවීම, නැවත නැවතත් අර්ශස් ගෙඩි හටගැනීම සිදුවෙනවා. අර්ශස් රෝගය ඉතාම දරුණු තත්ත්වයට පත්වුණාම කරන සැත්කම් ආයුර්වේදයේත් තිබෙනවා. එහෙත් ආයුර්වේද වෛද්‍යවරයා එවැනි සැත්කමකට යන්නේ නොකරම බැරි අවස්ථාවක විතරයි.
 
 ප‍්‍රශ්නය – අර්ශස් රෝගය පිළිබඳ සහ එයට ප‍්‍රතිකාර කිරීම පිළිබඳ ආයුර්වේද මතය කුමක්ද?
 
 වෛද්‍ය ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර – ආයුර්වේදය කියන්නේ රෝගයට පමණක් නොව රෝගය හටගත් දේහයටත් ප‍්‍රතිකාර කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක්. ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යන රෝගියකුට ප‍්‍රතිකාර කිරීමේදී රෝගියාගේ ශරීරයේ දෝෂ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමත් එම දෝෂවල ප‍්‍රමාණය හඳුනාගෙන ඒවා තුලනය කිරීමට කරන ප‍්‍රතිකාර වලට සමාන්තරව රෝගයට ප‍්‍රතිකාර කිරීමත් සිදුවෙනවා. ආයුර්වේදයට අනුව අර්ශස් රෝගය හටගන්නේ ශරීරයේ තුන්දොස් වන වාත, පිත, කඵ යනාදිය අසමතුලිත වූ විටයි. මනුෂ්‍ය ශරීරය පාලනය කෙරෙන්නේ මේ තුන්දොස් මගින් බව ආයුර්වේදයේ කියවෙනවා. අර්ශස් ගෙඩි ලෙස හඳුන්වන්නේ ආසාදනයට පත්වූ නහර බව හඳුනාගත හැකියි. සාමාන්‍ය තත්ත්වයේ පවත්නා අර්ශස් ගෙඩි වලට ඉතා ඉක්මනින් ප‍්‍රතිකාර කර සුවපත් කළ හැකියි.
 
 ඒත් ඉතාම නරක තත්ත්වයේ පවත්නා අර්ශස් ගෙඩි වලට කරන ප‍්‍රතිකාරයට ටික කලක් ගතවෙනවා. අර්ශස් රෝගයට ප‍්‍රතිකාර කිරීමේදී සැත්කම් කර එම ගෙඩි කපා ඉවත් කිරීමට අප එකඟ නැහැ. ගුද මාර්ගයේ සැත්කම් කිරීම ඉතාම භයානකයි. මන්ද එවැනි සැත්කමකදී ගුද මාර්ගයේ ස්නායුවක් වැරදීමකින් කැපුණොත් එතැන් සිට ගුද මාර්ගයේ මාංශ පේශීන්වල පාලනය ස්නායු වෙතින් ගිලිහී ඉබේටම මළ, පහ වීමට පටන් ගන්නවා.
 
 මෙය යළි කවදාවත් නිවැරදි කළ නොහැකි තත්ත්වයක්. ඒ නිසා කිසිදු ආකාරයක සැත්කමකට නොගොස් කසාය, ආලේප, තෙල් සහ ක්ෂාර සූත‍්‍ර මගින් ප‍්‍රතිකාර කිරීමයි වඩාත් යෝග්‍ය.
 
 ප‍්‍රශ්නය – අර්ශස් රෝගයට ප‍්‍රතිකාර කිරීමේදී යොදා ගන්නා ආයුර්වේද ක‍්‍රමවේදය කුමක්ද?
 
 වෛද්‍ය ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර – අර්ශස් ගෙඩි වලට කරන බාහිර ප‍්‍රතිකාර වලදී ක්ෂාර ආලේප යොදා ගන්නවා. කරල්සැබෝ සහ දලූක් කිරි යන ප‍්‍රධාන ඖෂධ වර්ග දෙකට තවත් ඖෂධ කිහිපයක් මිශ‍්‍ර කර සාදන ආලේප ප‍්‍රතිකාර වශයෙන් යොදා ගන්නවා.
 
 
 නොමිලේ විස්තර සඳහා
 0777620948 

advertistmentadvertistment
advertistmentadvertistment