අසූ දෙහැවිරිදි මිත්තණිය අපහරණය කළ බෑනා රිමාන්ඩ්

567

අසූ දෙහැවිරිදි (82) මිත්තණියක දූෂණය කළ 57 හැවිරිදි බෑනා කෙනෙකු ලබන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල වැඩබලන මහෙස්ත්‍රාත් කාන්තිලතා මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් කුරුඳුවත්ත වැටකෙදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතවරයට පත් කාන්තාවගේ දියණිය විවාහ වී ඇත්තේ මෙම සැකකරුගේ බාල සහෝදරයෙක් සමග බව පරීක්ෂණ පවත්වන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි. මෙම වයෝවෘද්ධ කාන්තාව ඇගේ විවාහක දියණිය සමග පදිංචිව සිටින අතර එම නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක සැකකරු නිවසට පැමිණ ඇයට අතවර කොට ඒ බව කිසිවකුටත් නොපවසන ලෙස දන්වා ඇයට වැඳ ඇති බවද පොලිස් පැමිණිල්ලේ සඳහන් විය. නමුත් බරපතළ අතවරයට පත් මිත්තණිය අසනීප වී වාරු නොමැති තත්ත්වයක් ඇතිවීමත් සමග මෙම සිද්ධිය නිවැසියන්

දැනගැනීමෙන් පසු පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි. සැකකරු ද විවාහකයෙකු වන අතර ඔහුට දරුවන්ගේ දරුවන්ද සිටින බව අනාවරණය වී ඇත. රෝගී වූ මෙම කාන්තාව නාවලපිටිය රෝහලට ඇතුළත් කොට තිබේ.
ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment