සෞඛ්‍ය වර්ජනය රිවස් කරයි

118

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යයට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත්කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛය වෘත්තීය සමිති අද (03 දා) ආරම්භ කිරීමට නියමිත වූ වැඩ වර්ජනය සෞඛ්‍ය ලේකම්වරයා සමග ඊයේ (02 දා) සිදු කළ සාකච්ඡාවකින් පසු අත්හිටුවීමට වෘත්තීය සමිති එකඟ වී ඇත.

ආයතන සංග්‍රහයට අනුකූලව සහ වාත්තීයවේදී ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය තමන් උල්ලංඝනය නොකරන බවත් ඒ අයිතිය තවදුරටත් වෘත්තීය සමිතිවලට තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවේදී ලේකම්වරයා ප්‍රකාශ කිරීම නිසා වැඩ වර්ජනය නතර කළ බව සෞඛය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

එමෙන්ම වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත්, සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේදී සැලකිලිමත් වන ලෙස පමණක් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී පැවසූ බව ද කුමුදේශ් මහතා කීය. කෙසේ වෙතත් මේ පිළිබඳව වෘත්තීය සමිති හා සෞඛ්‍ය ලේකම්වරයා අතර ලිඛිත එකඟතාවකින් පසු වැඩ වර්ජනය නතර කිරීමට එකඟ වූ බව ද කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment