ලොකුම ඡන්දයේ වැඩි වාසි මෝදිට!

140

ලොව විශාලතම මහ මැතිවරණය දැන් ඉන්දියාවේ ආරම්භ වී තිබේ. මිලියන 969ක ඡන්ද දායකයින් සුදුසුකම් ලබන 2024 ඉන්දියානු මහ මැතිවරණය මෙතෙක් දැක ඇති විශාලතම මැතිවරණය වනු ඇත.

ඉන්දිය මහ මැතිවරණ දින හතක් පුරා විවිධ ප්‍රදේශවල සිදු වේ: එනම් අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජූනි 1 වැනි දා දක්වා මැතිවරණය පැවැත්වෙනු ඇත. ප්‍රතිඵල ජූනි 4 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් 543 දෙනකු ලෝක් සභාව තුළ සිටින අතර තනි පක්ෂයකට හෝ සන්ධානයකට බහුතරයක් ලබා ගැනීමට අවම වශයෙන් ආසන 272ක් අවශ්‍ය වේ.

ඡන්දය ප්‍රකාශ කිරීම එක ම දිනක නොපවත්වා දින කිහිපයක කඩින් කඩ පවත්වන්නේ, රට පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන්ට හැකියාව ලබා දීමට ය.

මෑත කාලීන මත විමසුම් පෙන්වා දෙන්නේ, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ එහි මිත්‍ර පක්ෂ ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව සඳහා වන මැතිවරණය තුන්වන වරටත් ජයග්‍රහණය කරනු ඇති බව ය.

2024 වසරේදී භාරතීය ජනතා පක්ෂයට ප්‍රධාන අභියෝගය පැමිණෙන්නේ, විශාලතම විරුද්ධ පක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සන්ධානයකිනි.

පුරා වසර 10ක් පැවැති මෝදිගේ පාලනය ගැන ඉන්දියාවේ සුළු ජන කණ්ඩායම් පවසන්නේ, තමන් බොහෝ විට වෙනස් කොට සැලකීම්වලට සහ පහරදීම්වලට මුහුණ දෙන බවත්, ඔවුන්ට ‘දෙවන පන්තියේ’ පුරවැසියන් ලෙස ජීවත් වීමට සිදුව ඇති බවත්ය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment