මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය

370

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය 2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික පාසල් අධ්‍යක්‍ෂ කිත්සිරි ලියනගමගේ මහතා සහභාගි විය. විශේෂ ආරාධිත අමුත්තා ලෙස කොළඹ කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී. එන්. සිල්වා මහතා සහභාගි විය. 2020 වර්ෂයේ අධ්‍යාපන, විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳ දක්‍ෂතා දැක්වූ ශිෂ්‍යාවන්, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍යාවන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ශිෂ්‍යාවන් මෙන්ම දින පහකට අඩු නිවාඩු ලබාගත් ආචාර්ය මණ්ඩලය ද සම්මාන හා ත්‍යාග ලබාගන්නා ලදී, එලෙසම ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියකින් 2020 වර්ෂයේ පිදුම් ලැබූ විද්‍යාලයීය වර්තමාන විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර විදුහල්පතිතුමිය ද මෙහිදී සම්මානයට පාත්‍ර විය.

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය

advertistmentadvertistment
advertistmentadvertistment