රුපියල් කෝටි අටක දුම්වැටි තොගයක් අත්අඩංගුවට

85

රුපියල් අටකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් චීනයේ නිශ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි පන්ලක්ෂ පනස්හයදහසක් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අද (11වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.විදේශ රටක සිට මෙරටට ගෙන්වා තිබූ බහාලුමක තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගය පිටවූයේ නම් රජයට රුපියල් හත්කෝටි පනස්ලක්ෂ හැත්තෑනවදහස් හාරසිය පනස්පහක බදු මුදලක් අහිමිවීමට ඉඩ තිබූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.ආයෝජන මණ්ඩල අනුමැතිය ලත් සමාගමක් විසින් එම වරප්‍රසාදවලට මුවාවී සැලසුම්සහගතව කරන ලද නීති විරෝධී ආයතනයක් මගින් මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇති බව රේගුව විසින් සිදු කරන ලද මූලික විමර්ශන වලදී හෙළිවී තිබේ.රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment