SLT-MOBITEL ව්‍යාපාර නාමාවලිය නව මුහුණුවරකින්

91
ජාතික ව්‍යාපාර නාමාවලියේ නවතම සංස්කරණය ‘The Directory’ 2022″ SLT-DIGITAL ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා විසින් SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ යන මහත්වරුන් සමග SLT-DIGITAL හි කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්‍යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි.

මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්‍යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය, SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු කර, නව මුහුණුවරකින් යුතුව හඳුන්වාදී තිබේ.

‘The Directory’ 2022 යනු ජාතික ව්‍යාපාරික දුරකථන නාමාවලියේ 2022 සංස්කරණය වන අතර, එය රටේ ව්‍යාපාරවල සාර්ථකත්වයට අත්වැලක් වන නවතම මෙවලම ලෙස හැඳින්විය හැක. පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට, නව අංග රැසක් සමගින් හඳුන්වා දී ඇති මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ, වර්තමාන සහ අනාගත පාරිභෝගිකයන්ටත්, ලියාපදිංචි ව්‍යාපාරවලටත් උපරිම ප්‍රතිලාභ ලබාදීම ය. මීට අමතරව මෙය මාර්ගගත නාමාවලියක් (rainbowpages.lk), මුද්‍රිත පොතක්, විද්‍යුත් පොතක්, ජංගම යෙදවුමක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), ආදී වශයෙන් මාධ්‍ය කිහිපයක් ඔස්සේ පරිශීලනය කළ හැකි වීම තවත් විශේෂත්වයකි. ‘The Directory’ ශ්‍රී ලංකාවේ එකම ජාතික ව්‍යාපාර නාමාවලිය ලෙස සැලකේ. 6,000 කට අධික ව්‍යාපාර ආයතන සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු සමගින් රටේ ආර්ථිකයේ සියලු‍ම පැතිමාන නියෝජනය වන ආකාරයට භාණ්ඩ හා සේවා අංශ සම්බන්ධ දැන්වීම් 170,000කට අධික සංඛ්‍යාවක් මීට ඇතුළත් වී තිබේ. දිනකට එය මාර්ගගත ක්‍රමයට පරිශීලනය කරනු ලබන වාර ගණන 10,000කට අධිකය.

advertistmentadvertistment
advertistmentadvertistment