වැවිලි කර්මාන්තය සඳහා වන පළමු Global Plantation Summit පැවැත්වෙයි

39

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම ප්‍රථම වරට ජාත්‍යන්තර තිරසාර සමුළුවක් පවත්වන බව නිවේදනය කර ඇත.

මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ මෙම කර්මාන්තයේ සිටින දේශීය හා ගෝලීය ප්‍රවීනයන්ට තම දැනුම බෙදාහදා ගැනීමට සහ තවත් දශක ගණනාවක් පුරා වැවිලි කර්මාන්තය සංවර්ධනය කිරීමට හැකියාව ඇති නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමයි.

අධ්‍යාපනික, රාජ්‍ය සහ රාජ්‍ය නොවන බලධාරීන් සහ පර්යේෂණ ආයතනවලට අයත් ප්‍රමුඛ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව 2023 ජූලි 21 දින පැවැත්වීමට නියමිතය.

‘තිරසාර වැවිලි කර්මාන්තයක් කරා . නැවත සිතා බැලීමඳ ප්‍රතිනිර්මාණයඳ ඔරොත්තු දීමේ හැකියාව’ (Towards Sustainable Plantations – Reimagined | Redesigned | Resilient) යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ- එහි අරමුණ වන්නේ සහයෝගීතාව ප්‍රවර්ධනය කරන නව මාර්ග නිර්මාණය කිරීම සහ නවීන වැවිලි කළමනාකරණ උපායමාර්ගවලට තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ඇතුළත් කිරීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment