මොළේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මියයයි

74

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියකු මොලේ උණ රෝගය වැළඳීමෙන් මියගොස් ඇති බැව් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

මෙම බන්ධනාගාර රැඳවියා උණ රෝගය වැළඳීමෙන් ඉකුත් 20 වැනි දින මාතර රෝහලට ඇතුළත් කොට ඇත. 29 වැනි දින රාත්‍රි ඔහු මියගොස් ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම රැඳවියා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 වියේ පසුවන අයෙකි. ඔහු නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කොට ඇත. මීට පෙර ද මොලේ උණ රෝගය වැළඳීමෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියකු මියගොස් තිබුණි. මේවන විට උණ රෝගය වැළඳීමෙන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබන්නේ එක් රැඳවියෙකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. සෞඛ්‍ය අංශ මගින් මාතර බන්ධනාගාරය තුළ පැතිරී ගිය මොලේ උණ රෝගය මේ වනවිට පාලනය කොට ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment