රන්ජන් ජාතික රෝහලේ විකලාංග සායනයට ඇතුළත් කරයි

435

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ඊයේ (20 දා) උදෑසන කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඇතුළත් කර ඇත.

 ඒ මහතාගේ කොන්ද ආශි‍්‍රතව ඇතිවී තිබෙන ආබාධයක් මත අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැුගෙනවිත් ප‍්‍රතිකාර ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

 එම ආබාධයට වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීම සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු එහි නේවාසික ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment