එදා දිවයින මතකය අවදි කළ සොදුරු හමුවක්…

312

උපාලි පුවත්පත් සමාගමේ දිවයින කර්තෘ මණ්ඩලයේ අතීත මාධ්‍යවේදීහු පිරිසක් පෙරේදා (13දා) සවස දිවයින හා දිවයින ඉරිදා සංග‍්‍රහයේ සමාරම්භක කර්තෘ ලෙස විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක් ඉටුකළා වූ කෘතහස්ථ පුවත්පත් කතුවර එඞ්මන්ඞ් රණසිංහ මහතා හමුවීමට ගොස් ඒ මහතාට තම ආශිර්වාදය එක්කර සිටියහ.

දිවයින ඉරිදා සංග‍්‍රහය ඇරඹීමෙන් පසු එම පුවත්පත හා දිනපතා දිවයින පුවත්පත් සඳහා එක්වූ අශෝක ගුණතිලක, ගයිරික පේරුසිංහ, ශාන්ත කේ. හේරත්, අනුර සිරිවර්ධන, ඩබ්ලිව්. කේ. ඞී. නවරත්න, දයා ලංකාපුර, නාරද නිශ්ශංක, දේශපි‍්‍රය දිසානායක, සුන්දර නිහතමානිද මැල්, ධර්මන් වික‍්‍රමරත්න, පුෂ්පා ඉලංගන්තිලක, සිසිර පරණතන්ත‍්‍රි, ලක්‍ෂ්මන් පියසේන, දීප්ති ප‍්‍රමිතා අධිකාරි, ශාන් විජේතුංග, ගුණසිරි වීරසූරිය, රන්ජන් පරණවිතාන, හරිත් ගුණවර්ධන, ධර්මපි‍්‍රය ලියනාරච්චි ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ. එඞ්මන්ඞ් රණසිංහ මහතා විසින් කරන ලද උත්තම මාධ්‍ය මෙහෙවරට ඔවුහු තම කෘතවේදීත්වය හෘදයාංගමව පුද කර සිටියහ. රණසිංහ මහතාට සමරු තිළිණයක්ද පිළිගන්වන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment