අලුත බැඳපු මනමාලයා ගෙල වැලලාගෙන මරුට

249

මීට දින කීපයකට පෙර විවාහ වී, අනුරාධපුර මයිලගස්හන්දිය ආසන්නේ හෝටල් කාමරයක් කුලියට ගෙන රැඳී සිටි යුවළක පිරිමි පුද්ගලයා පෙරේදා (29දා) ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පරසන්ගස්වැව, වරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ඊ. ඉන්දික රණවීර බණ්ඩාර නැමති, අනුරාධපුර නගරයේ ජංගම දුරකථන අලුත්වැඩියාවේ නිරතව සිටි අයකු බව පොලිසිය කියයි.

මීට දින 21 පෙර විවාහ වී ඇති මෙම යුවල, මයිලගස්හන්දිය ආසන්නයේ පිහිටි හෝටල් කාමරයක් කුලියට ගෙන සිටින අතරවාරයේදී එම යුවළේ කාන්තාවට ඇති වූ හිසරදයක් හේතුවෙන් එම සැමියා ඖෂධ වර්ගයක් රැගෙන විත් පානය කිරීමට ලබා දී ඇති බවද පොලිසිය කියයි. එම ඖෂධ පානය කිරීමෙන් අනතුරුව තමාට තදින් නින්ද ගිය බවත් ඇහැරී බලන විට සැමියා එම කාමරයේ සවිකර තිබූ විදුලි පංකාව ආධාරයෙන් ගෙල වැලලා ගෙන සිටි බව මරණකරුගේ බිරිඳ සිදු කළ ප්‍රකාශවල සටහන්වේ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment