ජනපති 13 පෙන්වා ජනතාව නොමඟ යවනවා – සුනිල් හඳුන්නෙත්ති

77

ජනාධිපති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා එය ක්‍රියාත්මක කරන බව අඟවමින් සිදුකරන්නේ ජනතාව නොමඟ යවා අක්කා පෙන්නා නංගී දීමට කටයුතු කරන බවට සමානව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අදානිට පවරාදීමට කටයුතු කරන්නක් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික විධායක සභික දේශපාලන මණ්ඩල සභික හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තඹුත්තේගම පැවති ජාතික ජනබලවේගයේ ජාතික විද්වත් සභාව සංවිධානය කරන සම්මන්ත්‍රණයට සහභාගිවෙමින් පැවති සභාව අමතා පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ රටේ බදු ආදායම කඩාවැටී ඇති බවත් දළ දේශීය නිෂ්පාදනය වන්නේ 7% බවත් පෙන්වා දුන්නේය. රටේ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 8 ක් ණය අරන් ඇති බවත් මහා මාර්ග, නෙළුම් කුලුන, ආර්ථික මධ්‍යස්ථාන, සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩාපිටි, මුහුද හා වරායවල්, ගුවන්තොටුපළවල් ඇතුළු මුහුද ගොඩකොට නගර ආදිය සාදා ඇති බවත් ය. ඒවායින් කිසිදු ආදායමක් නොලැබෙන බවත් ය. මෙම ව්‍යාපාති සඳහා වෙන් කළ මුදල්වලින් හරි අඩක් පිල්ලි ගහලා ඇති බවත් පැවසීය.

මේවාට සාමාන්‍ය ජනතාවට බදු ගෙවීමට සිදු වී ඇති බව ද කීය. දූෂිත පාලනය නිසා මෙම තත්ත්වය ඇතිවෙලා තිබෙනවා රජය හිතුමතේ ණය අරන් තිබෙනවා ජනතාවගෙන් විමසා නොමැත. නිෂ්පාදන ආර්ථික ක්‍රමවේදයක් නොමැත. ඩොලර් සොයන ක්‍රමයක් සොයාගෙන නැත. සංවර්ධන උපායමාර්ග නොමැත. අපේ ඉපැරණි වාරිමාර්ග ක්‍රම, සීගිරිය, යෝධ ඇළ ආදියේ තාක්‍ෂණ ක්‍රම දැක පිටරැටියෝ පුදුමයට පත්වෙලා තිබෙනවා.

රටේ ජනගහනයෙන් සියයට 70 ක් පදිංචිව සිටින්නේ ගම්බදවය. නගර මෙන්ම ගම් ද දියුණු කළ යුතුය. ණය බර තුරන් කොට දේශීය ආදායම් දියුණු කළ යුතුය. අවශ්‍ය දෑ අපේ රටේම පහසුවෙන් නිපදවා ගත යුතුය. මේ දුෂ්ට පාලකයන් පලවා හැරිය යුතුය. රටේ සියලුම සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු දියුණු තත්ත්වයට පත්කළ යුතුය. බදු නොගෙවන අයගෙන් බදු ලබා ගත යුතුය. අද වන විට බදු ගෙවිය හැකි අය රැසක් බදු නොගෙවා සිටින අතර දුප්පත් සාමාන්‍ය ජනයා පමණක් ණය ගෙවනවා.

ලංකාවේ කැසිනෝ ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නෑ. රේස්බයි රේස් කරන අය බදු ගෙවන්නේ නෑ. වයින් ස්ටෝර්ස්වල අය බදු ගෙවන්නේ නෑ. අරක්කු නිෂ්පාදනය කරන අය බදු ගෙවන්නේ නෑ. හැබැයි අහිංසක මිනිහා බදු ගෙවනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ආණ්ඩුවේ බැංකුවලට පොලු තියෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුවට කෝටි ගණනින්. 1991 ඉඳන් පොලු තියපු අය අදත් ඉන්නවා හොඳට යහතින්. ඒගොල්ල ආණ්ඩුවෙන් දේපළ, ඉඩම් අරගෙන තියෙනවා. මේක බලා ගන්න පුළුවන් ඡන්ද කිට්ටුවෙන කාලයට. දැන් මේ ආයේ එන්නේ එහෙම කාලයක්. ජනාධිපතිවරණයක් කිට්ටු වෙනවා. මේ අවුරුද්ද විකුණන අවුද්දෙ විකිණෙන අවුරුද්ද. මේ අනුරාධපුරයේත් කුඹුරු ටික ගොඩකරන්න පටන් අරන් තිබෙනවා. ඉඩම් ගොඩකරන්න පටන් අරන් තියෙනවා. වැව් ටික ගොඩකරන්න පටන් අරන් තියෙනවා. දැන් නීතියක් නෑ. ලබන අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට යන්න වෙන බව දන්නවා. මෙම රැස්වීමේදී රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. බී. එන්. කේ. පලිහේන මහතා ද, ජාතික ජනබලවේගයේ කලාවැව ආසනයේ සභාපති රත්න මලල මහතා ද අදහස් දැක්වූහ.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල සහ තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment