ගල්කිස්සෙත් වෙඩි පත්තු වෙයි – අයෙක් රෝහලට

85

ගල්කිස්ස ඕබන් පෙදස ධීවර නිවාස වලදී ඉකුත් (19) වන දින ප.ව. 7.30 ට පමණ ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

මෙම සිදුවීම ඉකුත් 19 වන දින රාත්‍රිය 7.30 ට පමණ ධීවර නිවාස වල තරුණ පිරිසක් මාර්ගයේ කථාබහ කරමින් සිටි අවස්ථාවේ ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයෙකු කිසියම් පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත.

එහිදී එම වෙඩි පහරවල් වෙනත් තරුණයෙකුගේ කකුලට වැදීමෙන් තුවාල ලබා ප්‍රදේශවාසීන් දකුණ කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය කියයි.

මෙලෙස අහඹු වෙඩි වැදීමට ලක්වී ඇත්තේ ඕබන් පෙදෙස ධීවර නිවාස වල පදිංචි වයස 30 ක් වන අයෙකු වේ.

වෙඩි තැබීම කවුරුන් විසින් කවුරුන් ඉලක්ක කර සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පලාගිය සැකකරුවන් දෙදෙනා සොයා වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එල් ලියනආරච්ච් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරගෙන යනු ලබයි.

රත්මලාන – පින්සිරි ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment